Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රු. මිලියන 70ක ක්‍රීඩා භාණ්ඩ-උපකරණ දිරාපත් වෙයි

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

* පුස් බැදී විනාශ වෙලා
* කන්ටේනර් 3 මීයන්ට කැරපොත්තන්ට ජංගම ක්‍රීඩා පිටියක්

ක්‍රිකට් පිති 1300ක්, ක්‍රිකට් කඩුලු 2500ක්, ටෙනිස් බෝල් 2800ක්, වොලිබෝල් 3800ක්, නෙට්බෝල් 2000ක්, බැඩ්මින්ටන් ෂටල් කොක් 1800ක්, හොකී බෝල 750ක්, කැරම් බෝඩ් 402ක්, ටේබල් ටෙනිස් පන්දු 480ක්, මෙට්ට 500ක් පාපන්දු හා හෑන්ඩ්බෝල් තොගයක් විනාශ මුඛයේ.

ක්‍රීඩා අමාත්‍යාංශ විසින් රුපියල් මිලියන 70ක පමණ මුදලක් වැයකොට පාසල්වලට හා ක්‍රීඩා සමාජවලට බෙදාදීමට මිලදී ගත් ක්‍රීඩා භාණ්ඩ හා ක්‍රීඩා උපකරණ තොගයක් කන්ටේනර් 3ක් තුල හා කිසිදු ගබඩා පහසුකමක් නොමැති පැරණි ගොඩනැගිලි 2ක් තුල වසර දෙකක් තිස්සේ දිරාපත්වෙමින් පවතියි.

ක්‍රීඩා අමාත්‍යාංශයට අයත් ටොරින්ටන් ක්‍රීඩා පිටිය ආසන්නයේ ගසක් යට නවතා ඇති කන්ටේනර් තුළ, එයට යාබදව පිහිටි පැරණි ගොඩනැගිල්ලක් තුළ හා කෘත්‍රීම හොකී පිටිය අසල ක්‍රීඩාගාරය තුළ මෙම ක්‍රීඩා භාණ්ඩ තොගය අනාරක්ෂිතව තබා ඇත.

මෙම කන්ටේනර් තුළ හා පැරණි ගොඩනැගිලි තුළ ඇති ක්‍රීඩා භාණ්ඩ පුස් බැදී විනාශ වෙමින් පවතින අතර, ඒවා මීයන්, කැරපොත්තන් වැනි සතුන්ගේ ක්‍රීඩා පිටියක් බවට පත්ව තිබෙන අයුරු දිස්විය. මෙම උපකරණ අතර ක්‍රිකට් පිති 1300ක්, ක්‍රිකට් කඩුලු 2500ක්, ටෙනිස් බෝල් 2800ක්, වොලිබෝල් 3800ක්, නෙට්බෝල් 2000ක්, බැඩ්මින්ටන් ෂටල් කොක් 1800ක්, හොකී බෝල 750ක්, කැරම් බෝඩ් 402ක්, ටේබල් ටෙනිස් පන්දු 480ක්, පාපන්දු හා හෑන්ඩ්බෝල් තොගයක් විනාශ වෙමින් පවතී.

මෙයට අමතරව ටයිකොන්ඩෝ, ජිම්නාස්ටික්, මලල ක්‍රීඩා හා බර ඉසිලීම වෙනුවෙන් මිළට ගත් මෙට්ට 500ක් පමණ, ක්‍රීඩා තරග විනිශ්චය සදහා ගත් විසිල් 514ක්, විනිසුරු ස්ටොප් වොච් 514ක්, මීටර් 30 ටේප් 2000ක්, ක්‍රීඩක ව්‍යායෑම් වෙනුවෙන් උපයෝගී කරගන්නා අභ්‍යාස කෝන් 3000ක්, වෛද්‍ය පන්දු කිලෝග්‍රෑම් 5න් 725ක්, වෛද්‍ය පන්දු කිලෝග්‍රෑම් 2න් 3250ක් ගබඩා තුල හිරවී ඇත.

ක්‍රීඩා අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක ක්‍රීඩා ශක්ති වැඩසටහන වෙනුවෙන් මෙම ක්‍රීඩා භාණ්ඩ මිළදීගත් බව වසර 4ක පමණ කාලයක් ක්‍රීඩා අමාත්‍යාංශයේ ගබඩා භාරකරු ලෙස සේවය කරන එච්. ඩබ්ලිව්. රෝහිත මහතාගෙන් අප කළ විමසීමකදී පැවැසීය. රාජ්‍ය කළමනාකරණ සේවයේ පළපුරුදු නිලධාරියෙකුවූ රෝහිත මහතා පවසන්නේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ කලින් තිබුණ ගබඩාව කඩා දැමීමෙන් පසු ස්ථීර ගබඩා පහසුකමක් නොමැති බවය.

“පැරණි ගබඩාව තිබූ තැන දැන් අලුත් ගොඩනැගිල්ලක් හදනවා. ඒ වේලාවේ මට කිව්වා වහාම අලුත් ගබඩාවක් දෙනවා කියලා. නමුත් අදත් බඩු ටික මහ පාරේ කන්ටේනර්වල හා පරණ ගොඩනැගිලි තුළ තියෙනවා. මා ලිපි දෙකක් ලිව්වා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට. නමුත් විසදුමක් ලැබුණේ නෑ. මේවා ඉක්මණින් බෙදන්න ගෙනා භාණ්ඩ. දැන් ගොඩක් විනාශ වෙමින් පවතිනවා. සමහරක් ඒවා අද හෙට බෙදා දුන්නොත් පාවිච්චියට ගන්න පුලුවන්. අනික් ඒවා රිටන් කරන්න වෙනවා“ ක්‍රීඩා අමාත්‍යාංශයේ ගබඩා භාරකරු පැවැසීය.

ක්‍රීඩා ඇමැති ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතාගෙන් කළ විමසීමකදී සඳහන් කළේ මේ පිළිබඳ ලැබුණු තොරතුරු සොයා බැලූ බවත්, සතියක් ඇතුළත වාර්තාවක් ගෙන වගකිව යුත්තන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි. “ මේක ජාතික අපරාධයක් හැටියටයි මා දකින්නේ. දුප්පත් දරුවන්ට හා ක්‍රීඩා සමාජවලට මේවා නියමිත පරිදි බෙදා දෙන්න තිබුණා.

මෙහෙම අනාරක්ෂිතව තියෙන නිසා භාණ්ඩ ගොඩක් අතුරුදන් වෙලා ඇති. ඒ ගැන සොයා බැලිය යුතුයි. මේ සම්බන්ධ අදාල වගකිව යුතු සියලුම නිලධාරීන්ට එරෙහිව තදින් තීන්දු ගැනීමට මා බලාපොරොත්තු වෙනවා“ ඇමැතිවරයා පැවැසීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();