Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාසල් දරුවන්ට නොමිලේ කිරි.

Milk_For_School_Children

සියළුම ප්‍රාථමික දරුවන්ට නොමිලේ කිරි වීදුරුවක් ලබාදීමට ජනාධිපතිවරයා විසින් පසුගියදා ඉදිරිපත් කර තිබූ කැබිනට් යෝජනාවට ඊයෙ දින රැස්වු කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම හා කිරි ගොවියා තවත් දිරිමත් කර ඔවුන්ගේ ජීවනෝපාය ශක්තිමත් කිරීම යන කරුණු මුල් කර ගනිමින් ජනාධිපතිවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව දෛනිකව කිරි ලීටර් ලක්ෂයක් රජය විසින් මිල දී ගෙන සියළු ප්‍රාථමික දරුවන්ට නොමිලේ ලබා දීමට යෝජනා කර තිබේ. ග්‍රාම ශක්ති වැඩසටහන හරහා මෙම ව්‍යාපෘතිය ඉතා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බව සඳහන් වේ.

පිටිකිරි, කෘතීම රසකාරක අඩංගු කිරි නිෂ්පාදන වලට වඩා දෛනිකව දියර කිරිවලට පාසැල් දරුවන් හුරු කිරීමද මෙමඟින් අපේක්ෂා කෙරන බවත් පැවසේ. දැනට ශ්‍රී ලංකාවේ දෛනික කිරි නිෂ්පාදනය කිරි ලීටර් ලක්ෂ දහයක් වන බවත් එයින් කිරි ලීටර් ලක්ෂයක් මෙම ව්‍යාපෘතිය සඳහා රජය විසින් මිලදී ගැනීමට නියමිත බවත් සඳහන් වේ.

මෙම තීරණය නිසා නොබෝ දිනකින් පිටිකිරි වලට හුරු වූ ජනතාව දියර කිරිවලට හුරු වන අතරම දැයේ සුවහසක් දරුවන්ගේ පෝෂණ මට්ටම මෙන්ම අසරණ කිරි ගොවියාගේ ආර්ථික මට්ටමද ඉහළ යනු ඇතැයි රජය අපේක්ෂා කර සිටී.

මෙම වැඩසටහන අධ්‍යාපන අමාත්‍යාංශය, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථික පිළිබඳ අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

The post පාසල් දරුවන්ට නොමිලේ කිරි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();