කිලෝග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 158කින් ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුව තීරණය කර ඇතැයි සඳහන් වේ. මෙම ගෑස් මිල වැඩිවීම හෙට (25) සිට ක්‍රියාත්මකවනු ඇතැයිද පැවසේ.
රුපියල් 158කින් ගෑස්මිල වැඩිවීම අනුව කිලෝග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,696ක් වනු ඇත.
ලෝක වෙළෙඳපාළේ ගෑස්මිල වැඩිවෙමින් පැවතීම අනුව ගෑස් මිල වැඩි කරන ලෙස ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් කළ ඉල්ලීම සලකා බලමින් ජීවන වියදම් කමිටුව පසුගිය 21වැනිදා මෙම තීරණයට එළඹී ඇතැයි සඳහන් වේ.
මේ වසරේ මාර්තු මාසයේ සිට ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යමින් පවතින බවත් මාර්තුවලදී අමෙරිකානු ඩොලර් 469.50ක් වශයෙන් පැවැති ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල අගෝස්තු මාසය වන විට ඩොලර් 590.05 දක්වා ඉහළ ගොස් ඇති බැවින් මෙරට ගෑස් මිලේ වැඩිවීමක් අනිවාර්යයෙන්ම අවශ්‍යයැයි ගෑස් සමාගම් ජීවන වියදම් කමිටුවෙන් හා පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලා තිබූ බවත් සඳහන් වේ.
මේ වසරේ ගෑස් මිල වැඩිවන දෙවැනි අවස්ථාව මෙය වන අතර පසුගිය අප්‍රේල් 27 වැනිදා ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 245කින් වැඩි කෙරිණි. කෙසේ වෙතත් ඉකුත් ජුනි 29 වැනිදා ගෑස් මිල රුපියල් 138කින් අඩු කෙරිණි.
The post ගෑස් මිල ඉහළට. appeared first on Lanka News Column.


0 Comments