Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශෂී වීරවංශගේ නඩුව යළිත් විභාගයට.

Wimal_Shashi

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත් බවට චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශට එරෙහිව ගොනු කර තිබෙන නඩුව අද(31) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි විභාගයට ගෙන ඇතැයි වාර්ථා වේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක ඉදිරියේ සාක්ෂි සටහන් කරගැනීම සිදුකර තිබේ.

මෙහිදී ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ ගමන් බලපත්‍ර අංශයේ හිටපු සහකාර පාලක නිශාන්ත අනුරුද්ධ වීරසිංහගේ සාක්ෂි සටහන් කරගැනීම සිදුකර ඇති අතර  අනතුරුව විත්තියේ නීතිඥවරු විසින් එම සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුව එම සාක්ෂිකරුගේ සාක්ෂි සටහන් කරගැනීම අවසන් කර තිබේ.

අනතුරුව වැඩිදුර විභාගය ඔක්තෝම්බර් මස 19 වනදා දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

පසුගිය රජය සමයේ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම තුළින් ආගමන සහ විගමන පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට ශෂී වීරවංශයට එරෙහිව රහස් පොලිසිය මෙම නඩුව පවරා තිබේ.

The post ශෂී වීරවංශගේ නඩුව යළිත් විභාගයට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();