රාජ්‍ය සේවකයින් වැඩි පඩි ගන්නවා කියලා අපි හැමදෙනාම දකින දෙයක්, අහන දෙයක් බවත් නමුත් ඒ කිසිම කෙනෙකුට නොතේරෙන යමක් තියෙන බවත් ඒ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැනි ආයතන වල සේවකයින් තමන්ගේ ජීවිතය ද අවදානමට ගෙන සේවය කිරීම බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියන්නේ ඉන්ධන හලකට ගොස් තෙල් ගහන එක නොවන බවත් ඊට වඩා බොහෝ අවදානම් සහගත වගකීම් මේ සේවකයින් සිදු කරන බවත් ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග ප්‍රකාශ කර සිටී. අමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ කර සිටියේ කා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සහ ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමෙහි විසිපස්වසරක සතුටුදායක සේවාවක් සැපයූ සේවක මහත්ම මහත්මීන්ට රන් තිළිණ ප්‍රදානය කිරීමේ සහ වසරක ප්‍රගතිය ඇගයීමේ උත්සවයට සහභාගි වෙමිනි.
එමෙන්ම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මහා භාණ්ඩාරයට වාර්ෂිකව වැඩිම මුදලක් ලබා දෙන රාජ්‍ය ආයතනය බවත් අමාත්‍යවරයා පවසයි. 2016 වසරේදී එම මුදල රුපියල් බිලියන 148කි. 2017 වසරේදී බිලියන රුපියල් 148කි. 2018 වසරේ මුල් මාස හයේදී රුපියල් බිලියන 68කි. අමාත්‍ය අර්ජුන රණතුංග වැඩිදුරටත් පැවසුවේ ඉදිරියටත් මෙම ප්‍රගතිය වාර්තා කිරීම සඳහා සියලුම සේවකයින් තවදුරටත් කැපවීමෙන් වැඩ කළ යුතු බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“රාජ්‍ය සේවකයින් වැඩි පඩි ගන්නවා කියලා අපි හැමදෙනාම දකින දෙයක්, අහන දෙයක්. නමුත් ඒ කිසිම කෙනෙකුට නොතේරෙන යමක් තියෙනවා. ඒ තමයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැනි ආයතන වල සේවකයින් තමන්ගේ ජීවිතය ද අවදානමට ගෙන කරන සේවය. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියන්නේ ඉන්ධන හලකට ගිහිල්ලා තෙල් ගහන එක නෙමෙයි. ඊට වඩා බොහෝ අවදානම් සහගත වගකීම් අපේ මේ සේවකයින් සිදු කරනවා. ඔවුන්ගේ මහන්සියේ ප්‍රතිඵලයක් ලෙස අද මේ ලංකා ඛනිජ තෙල් නීගත සංස්ථාවත් ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමත් මහා භාණ්ඩාගාරයට වැඩියෙන්ම බදු ගෙවන ආයතන බවට පත්ව තිබෙනවා. අද අපි මේ ආයතන ලාභ ලබන තත්ත්වයට නොගෙනාවොත් හුඟාක් අය බලාපොරොත්තු වනවා මේ ආයතන ආයෝජකයෝ ගෙනෙල්ලා හරි මේ ආයතන විකුණන්න.
අපි වරාය අමාත්‍යාංශයේත් වරාය අධිකාරියේත් සිටිනා විට එහි කළ වෙනස්කම් හේතුවෙන් වරාය අධිකාරිය ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට හැකි වුණා. ඒ නිසා අපිට ඒක බේරගන්න පුළුවන් වුණා. මම මේ මෙතන ඉන්න සියලුම සේවකයන්ගෙනුත් මෙතැන නැති සේවකයන්ගෙනුත් ඉල්ලන්නේ මේ ආයතනයත් එවැනි තත්ත්වයට ගේන එක මටත් මගේ නියෝජ්‍ය ඇමතිතුමියටත් තනියම කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. එහෙම නැත්නම් ලේකම්තුමාටත් සභාපතිතුමා හෝ එහි අධ්‍යක්ෂක මණ්ඩලයටත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මෙවැනි ආයතන අපි පරිස්සම් කරගත්තේ නැත්නම් ඉදිරියේදී තවත් කණ්ඩායමක් මේ රට ඇතුළට එන්න පුලුවන්. මේ ඛනිජ තෙල් අංශයට. එය තමයි අපිට තියෙන දරුණුතම අභියෝගය වෙන්නේ. ඒක නොවෙනවා කියලා නම් තමුන්නාන්සේලා හිතන්න එපා. අපි දැක්කා පහුගිය කාලේ එක එක රටවලින් යෝජනා ගෙනල්ලා තියෙනවා තුන්වෙනි පාර්ශවය, හතරවැනි පාර්ශවයකට. එවැනි දේවල් අපිට සිද්ධ වුණොත් අපේ මේ ආයතන දෙකම ඉක්මනින් බිම වැටෙන බවත් ඉතාමත් ඕනෑකමින් මම තමුන්නාන්සේලාට කියනවා” යැයි ද අමාත්‍ය අර්ජුන වැඩිදුරටත් කියා සිටියේ ය.
The post සේවකයින් ජීවිතයද අවදානමට ලක්කර කරන සේවය ගැන අර්ජුන ඇමති කියයි. appeared first on Lanka News Column.


0 Comments