Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තනි රජෙක් වෙන්න උත්සාහයක් නෑ – ඇමති නවීන්.

Minister_Navin_24

නිරතුරුවම කණ්ඩායමක් ගොඩනඟා කටයුතු කරනවා මිස තනි රජෙක් වෙන්න තමන් උත්සහ නොකරන බවත් හොඳම නායකත්වය එය බව තමන් සිතන බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවින් දිසානායක ප්‍රකාශ කර සිටී. අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ, “FINITE  ELEMENT ANALYSIS & SIMULATION CENTRE” (FEASC) නැමැති අධිතාක්ෂණික මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනයේ තාක්ෂණික මධ්‍යස්ථානය විවෘත කිරිමේ උත්සවය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ මං ඉතාමත් සතුටුවෙනවා අද දින මගේ අමාත්‍යාංශය යටතේ තිබෙන මෙම රබර් පර්යේෂණ ආයතනය රත්මලාන ප්‍රධාන මූලස්ථානයට පැමිණීමට අවස්ථාව ලැබීම ගැන. මේ මගේ ප්‍රථම අවස්ථාව. මීට පෙර එන්න බලාපොරොත්තුවක් තිබුනත් එසේ ඒමට මට වතාවරණයක් ලැබුනේ නැහැ. අද දින ඉතාමත් ප්‍රීතියෙන් සංතෝෂයෙන් තමයි මං අද මෙතනට එන්නේ. මක්නිසාද එදා තරුණ නියෝජ්‍ය ඇමතිවරයෙක් හැටියට USA ආයතනය හරහා අපි රබර් මාස්ටර් ප්ලෑන් එක හැදුවා. අපිට ඒකට අවුරුදු එකහාමාරක් දෙකක් පමණ ගත වුණා. එය අපිට අවසන් කරන්න. ඒ අවස්ථාවේදී අපිට ලක්න පරණවිතාන මැතිතුමා අපිට සහයෝගය ලබා දුන්නා. රබර් මාස්ටර් ප්ලෑන් එක ඇත්ත වශයෙන්ම ඉතාමත්ම දීප ව්‍යාප්ත ලියවිල්ලක්. මේ රටේ රබර් ක්ෂේත්‍රෙය් මූලික ප්‍රතිපත්ති හඳුනාගෙන එය ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියන මූලික අඩිතාලම දැම්මේ රබර් මාස්ටර් ප්ලෑන් එකෙන්. ඒකට අපිට විශේෂඥයෝ සෑහෙන පිරිසක් දායකත්වය ලබා දුන්නා. ඒ තේරීම් කමිටුවේ සභාපති වශයෙන් කටයුතු කළේ මම. කිරිඇල්ල ඇමතිතුමා මට ඒක භාර දුන්නා නියෝජ්‍ය ඇමති හැටියට. ඉතින් පරණවිතාන මැතිතුමාටයි මටයි එවකට අපගේ හිටපු ලේකම් කැස් ගුණසේකර කියලා මට මතකයි. අපි සෑහෙන වැඩ කොටසක් කරා මේ අවුරුදු දෙකහමාර තුළ මූලික වැඩ කටුයතු සියල්ලම කරා. ඊට පස්සේ ආණ්ඩුව 2004 වෙනස් වුණා. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිණිය ප්‍රකාශ කර පරිදි ඒ රජයවල් වලට බැරි වුණා ඒ වැඩ කොටස ඉදිරියට ගෙන යන්න. ඊට පසුව ආයෙත් අපි 2015 බලයට ආවට පසුව අපි මේ ලියවිල්ල නැවතත් සොයාගෙන එය ක්‍රියාත්මක කරන්න අපි උත්සහ කරා. අපි එච්චර මහන්සි වෙලා ලියවිලලක් හැඳුවා නම් අපිට යුතුකමක් තියෙනවා ඒක ඉදිරියට ගෙන යන්න. රබර් ක්ෂේත්‍රයේ සියලුම නායකයෝ පිළිගත්තා මෙය කළ යුතුයි කියලා. විශේෂයෙන්ම ඒ නායකයන්ගේ අදහස වුණේ අපිට රබර් ක්ෂේත්‍රයට අනාගතයක් තියෙනවා කියලා. අපි එහෙනම් 2015 මේ වැඩ කටයුත්ත නැවතත් පටන් ගත්තා. මිට මාස හත අටකට ඉස්සෙල්ලා අපි අගමැතිතුමාට නැවතත් මේ රබර් මාස්ටර් ප්ලෑන් එක භාර දුන්නා. අරලිය ගහ මන්දිරයේ උත්සවයක් තබලා ඒ වැඩ කටයුතු අපි කරා. මේ රබර් මාස්ටර් ප්ලෑන් එකේ තියෙනවා හඳුනා ගත් ව්‍යෘපෘති 50 ක් පමණ. අපි බලාපොරොත්තු වනවා එකින් එක මේ ව්‍යාපෘති කරන්න. අද අපි ආරම්භ කළේ මේ පළමු වන ව්‍යාපෘතිය “FINITE  ELEMENT ANALYSIS & SIMULATION CENTRE” තමයි ඒකට කියන්නේ. එය ඉතාමත් අධිතාක්ෂණයෙන් යුත් මධ්‍යස්ථානයක්. මම ස්තූති වන්ත වෙනවා වේරගොඩ මැතිතුමාටත් හා එතුමාගේ කාර්ය මණ්ඩලයටත් මෙයට අවශ්‍ය පහසුකම් ලබාදීම සම්බන්ධයෙන්. රජයෙන් මෙයට රුපියල් ලක්ෂ 500 ක මුදලක් වියදම් කරලා තියෙනවා. මිලියන 50 ක්. පුද්ගලික අංශයෙන් දැනට මිලියන 10 ක් වියදම් කරලා තියෙනවා. එම නිසා අපි මේ කටයුත්ත අපේ අමාත්‍යාංශයෙන් ඉතාමත්ව ඔළුවට අරගෙන අපි ඉතාමත්ව ක්‍රමවත්ව, විධිමත්ව රබර් ක්ෂේත්‍රය සම්බන්ධව අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ ලබාගෙන අවශ්‍ය මිනිසුන් හදාගෙන ඉදිරියට යන්න. අපේ රාජ්‍ය ඇමතිතුමා ඉතාමත්ව හැඟීම්බරව කතා කරා එතුමාගේ දිස්ත්‍රික්කයේ තිබෙන ගැටළු සම්බන්ධව. විශේෂයෙන්ම අද ජාත්‍යන්තර රබර් මිල අඩු වෙලා තිබෙන නිසා රබර් කිරි කපන්නන් අසරණ තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඔවුන් කිරි කපන්නේ නැහැ අද. සාමාන්‍යයෙන් අපි දන්න තරමට RSS 1 කිලෝග්රූමයක් රුපියල් 300 ක් පමණ වනවා නම්  තමයි කිරි කපන්න පෙළඹෙන්නේ කුඩා ගොවියා. එම නිසා එතුමා යෝජනා කරා සහනාධාර ක්‍රමවේදයක්. මිල ඉහළ දමන්න. ඉතින් මේ පිළිඳව අපි තර්ක කරන්න අවශ්‍යයි. මක්නිසාද එවැනි ක්‍රමවේදයකින් ඉතාමත් කෙටිකාලීන විසඳුම් ලබාදුන්නත් දීර්ඝ කාලීන විසඳුම් ලැබෙන්නේ නැහැ. අද මගේ කතාව හඳුනාදෙනකොට රජවරයෙක් ගැන කතා කරා. අද රජවරු නැහැ මේ රටේ. අද මේක පුරුවැසි යුගයක්. මක්නිසාද තමුන්නාසේලාගේ බඳු මුදල් තමයි පාවිච්චි කරන්නේ සහනාධාර හැටියට.  එම නිසා අපි රජයක් වශයෙන් ඉතාමත්ම ප්‍රවේසමෙන් තමයි තීරණ ගත යුතුයි. බඳු වැඩි කරන කොට ඒ හා සරිලන සේවයක් ජනතාවට ලැබිය යුතුමයි. අද රජයට තිබෙන ප්‍රධානම චෝදනාව තමයි බඩු මිල ප්‍රශ්නය, ජීවත් වීමේ ප්‍රශ්නය. එම නිසා ජීවත් වීමේ ප්‍රශ්නයට අපි අදායම වැඩි කරන්න අවශ්‍යයි. තවද අපි විදේශ විනිමය ලබා ගන්නා ක්‍රමවේද සොයාගන්න අවශ්‍යයි. මම සතුටින් ප්‍රකාශ කරනවා වැවිලි කර්මාන්ත ඇමති හැටියට එදා මම භාර ගත්ත වැවිලි කර්මාන්තයට වඩා පොඩි ප්‍රමාණයකින් හරි එය ඉදිරියෙන් තිබෙන බව. අපිට ඉහළම මිලක් ලැබෙනවා තේ වලට. ඒ වගේම පොල් නිෂ්පාදනය සෑහෙන ප්‍රමාණයකට පිරිහිලා තිබුණේ. නමුත් මේ අවුරුද්දේ අපිට එය ඉතාමත් උසස් තත්ත්වයකට ගේන්න පුළුවන් ළගදීම අපේ පාරිභෝජකයාට ඒ පොල් මිලේ අඩුවක් දැනෙන්න ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. එම නිසා අපිට මේ ක්ෂේත්‍ර තුනේම දියුණුවක් දකින්න පුළුවන්. එදා 1979 දී ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා තීරණයක් ගත්තා රබර් ක්ෂේත්‍රයේ මේ ආසියාවේ අපගේ මාතෘභූමිය කේන්ද්‍රස්ථානයක් කරන්න. එතුමා නිදහස් වෙළද කලාප හරහා රබර් ක්ෂේත්‍රයට රබර් කර්මාන්තයට අවස්ථාව ලබා දුන්නා පිටරටින් රබර් ගෙනවිත් මේ රටේ නිෂ්පාදනය කරන්න. එක අතකින් අපේ රබර් නිෂ්පාදනය අඩුවෙලා තිබුණත් අපගේ විදේශ විනිමය වැඩිවෙලා තියෙනවා. මෙය අපි තවත් දිරිමත් කළ යුතුයි. එම නිසා මේ මාස්ටර් ප්ලෑන් එකේ තියෙනවා තවත් රබර් කලාපයක් ඇති කරන්න. එයටත් මුදල් හොයන්න මා බලාපොරොත්තු වෙනවා. ඉතින් දැනටමත් විශාල මුදල් ප්‍රමාණයක් සොයා ගන්න අපි උත්සහ කරලා තියෙනවා.  ඊට පසුව අපිට චීන රජයේ සමූහ ආණ්ඩුවෙන් අපිට සාකච්ඡා පටන්ගෙන තිබෙනවා ප්‍රතිමත්තිමය තීරණ උඩ ඇමරිකානු ඩොලර් මිලියන 30 ක් පමණ අපේ රබර් කර්මාන්තයට ලබාගන්න අපි දැනටමත් සාකච්ඡා පවත්වාගෙන යනවා. එම නිසා මෙතන මූලික දේ තමයි තාක්ෂණය. තමුන්නාන්සේලා දන්නවද අපි ආරම්භ කරන ලද මෙම තාක්ෂණය ලෝකයේ දැනට පවතින ඉහළම තාක්ෂණයක් බව. විශේෂයෙන්ම අද දින 3D printing කියන එක වෙනමම අංශයකින් ඊට අමතරව මෙහි FINITE  ELEMENT Software එක රුපියල් මිලියන 16 ක් පමණ වෙනවා. එය ඇත්ත වශයෙන්ම මෙය ඉතාමත් උසස් තාක්ෂණයෙන් යුතු දෙයක්. අපිට අවශ්‍ය නම් අපේ රට තාක්ෂණික පෙරලියකට ගෙන යන්න පුළුවන්. ඒ වගේම මම අද වන විට අපගේ අමත්‍යාංශයේ ප්‍රේමදාස චම්පික ඇමතිතුමාට මම සම්පූර්ණම රබර් ක්ෂේත්‍රය ගැසට් කරලා දීලා තියෙනවා. අනෙක් කිසිම ඇමති කෙනෙක් එහෙම කරන්නේ නැහැ. මම හැමවේලේම කණ්ඩායමක් ගොඩනගලා කටයුතු කරනවා මිස මම තනි රජෙක් වෙන්න උත්සහ කරන්නේ නැහැ. මම හිතන්නේ එයයි හොඳම නායකත්වය. ඒ වගේම අද වන විට වැවිලි ක්ෂේත්‍රයට හොඳ අනාගතයක් තියෙනවා. ඒ වුනත් අද පොඩි මතයක් එනවා වැවිලි ක්ෂේත්‍රයට අනාගතයක් නැහැ කියලා. ඒ වුනත් ඇගළුම් ක්ෂේත්‍රයට වඩා අපේ ක්ෂේත්‍ර 3 ඉදිරියෙන් සිටිනවා. තේ වලින් බිලියන 1.5 ක්, රබර් වලින් බිලියනක්, පොල් වලින් ඇමරිකානු ඩොලර් මිලියන 700 ක් පමණ තිබෙනවා. ඒ වගේම මේ රටේ මිලියන දෙකක පමණ ජනතාවක් ජීවත් වෙනවා වැවිලි ක්ෂේත්‍රයෙන්. මේ පුංචි මිනිසුන් වෙනුවෙන් මම ඉල්ලා සිටිනවා අපේ මේ රබර් ක්ෂේත්‍රයේ නායකයන්ගෙන් රබර් මිල වැඩි කර ඒ පුංචි සහනය ලබා දෙන්න කියලා. ඒ වගේම මේ ක්ෂේත්‍රය තුළ බොහෝ වෙනස්කම් කරන්න මම බලාපොරොත්තු වෙනවා. රබර් මාස්ටර් ප්ලෑන් එක ඉදිරියට ගෙන යාමටත් මම විශාල වශයෙන් කැප වෙනවා. එය කිරීමට මට සහයෝගය ලබා දෙන ලක්න පරණවිතාන මැතිතුමා ඇතුළු මාගේ ලේකම් තුමා සහ අපගේ රාජ්‍ය ලේකම්තුමිය හා රාජ්‍ය ඇමතිතුමා සියලුම දෙනාටම ඒ වගේම අපේ ප්‍රේමදාස මැතිතුමා ඇතළු සියලුම දෙනාටම මාගේ හෘදයාංගම ස්තූතිය පුද කරමින් ඔබ සැමට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.” යැයි පැවසීය.

 

The post තනි රජෙක් වෙන්න උත්සාහයක් නෑ – ඇමති නවීන්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();