Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඩොලරයක විකුණුම් මිල රුපියල් 162 සීමාව ඉක්මවයි.

Sri_Lanka_Rupee_vs_US_Dollar

ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද(24) රුපියල් 162  සීමාව ඉක්මවා ගොස් ඇති බව සඳහන් වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 158.9162 ක් ලෙසින් සටහන් වන අතර එහි විකුණුම් මිල රුපියග් 162.1162 ක් ලෙසින් සටහන් වී ඇත.

විදුලි පණිවුඩ පැවරුම් සඳහා ශ්‍රී ලංකාවේ තෝරාගන්නා ලද ප්‍රධාන වාණිජ බැංකු විසින් දිනයේ පෙරවරු 9.30 ට ඉදිරිපත් කරන ලද ප්‍රධාන ව්‍යවහාර මුදල්වල ගැණුම් හා විකුණුම් විනිමය අනුපාතයන්හි සාමාන්‍ය අගය පදනම් කරගනිමින් දෛනික ගැනුම් හා විකුණුම් අනුපාත ගණනය කෙරේ. වාණිජ බැංකු විසින් සපයන ලද මෙම විනිමය අනුපාතය දිනයෙහි ආරම්භක අනුපාත වන අතර දිනය තුලදී විනිමය අනුපාතයන්හි උච්චාවචනයන් සිදුවුවහොත් මෙම අනුපාතය වෙනස් විය හැකිය.

The post ඩොලරයක විකුණුම් මිල රුපියල් 162 සීමාව ඉක්මවයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();