පසුගිය රජය සමයේ ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් රුපියල් මිලියන හතළිස් නවයක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති බව වාර්ථා වේ. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් සිදුකළ විමර්ශනයකට අනුව නීතිපතිවරයා විසින් අධි චෝදනා පත්‍රයක් ගොනු කර තිබේ.
මැදමුලන දී රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයට අයත් රුපියල් මිලියන 49 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම තුළින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් සිදු කර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා එම අධිචෝදනා පත්‍රය කොළඹ විශේෂ මහාධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර මෙම නඩුව කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ ගොනු කෙරෙන දෙවැනි නඩුව බවත් වැඩිදුරටත් සඳහන් වේ.
The post ගෝඨාට එරෙහි අධි චෝදනා විශේෂ මහාධිකරණයට. appeared first on Lanka News Column.


0 Comments