Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රැඳවියන් 27ක් ඝාතනය කිරීමට ආරක්ෂක අංශ වෙත අණ දුන් පුද්ගලයා කවුරුන්ද ?

Welikada _Prison

පසුගිය  රාජපක්ෂ  පාලන  සමයේදී වැලිකඩ බන්ධනාගාරයේ දී රැඳවියන් 27දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව හා හිටපු බන්ධනාගාර අධිකාරි එමිල් රංජන් ළමාහේවාට ඇප ලබාදීම මහාධිකරණය ප්‍රතික්ෂ්‍රේප කර ඇති බව රහස් පොලිසිය ඊයේ (21) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියන‍ගේ වෙත දැනුම් දුන්නේය.සිද්ධියට අදාළව නීතිපතිවරයාගේ උපදෙස් අනුව පුද්ගලයන් 12දෙනකුගේ දුරකථන වාර්තා කැඳවා ඇති බවත්, එම වාර්තා ලබා දීමට දිර්ඝ කාලයක් ගත වන බවත් ඩයලෝග් ආයතනය දැනුම් දී ඇති බව පැවසු රහස් පොලිසිය, එම වාර්තා ලද පසු සෙසු සැකකරුවන් සම්බන්ධ විමර්ශන ආරම්භ කළ හැකි බවත් වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිරකණය හමුවේ සඳහන් කළේය.රක්ෂිතබන්ධනාගාර ගතව සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව  අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණ ද හිටපු බන්ධනාගාර අධිකාරි එමිල් රංජන් ළමාහේවා යන අය අසනීප තත්ත්වය හේතුවෙන් අධිකරණය වෙත ඉදිරිපත් කර නොතිබිණි.බන්ධනාගාර නීතිරීති උල්ලංඝනය කරමින් බන්ධනාගාරය වෙත ඇතුළු වු ආරක්ෂක හමුදාව රැඳවියන් 27ක් ඝාතනය කිරීමට ආරක්ෂක අංශ වෙත අණ දුන් පුද්ගලයා කවුරුන්ද ? යන්න සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන පවත්වන බවට රහස් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබිණි.මීට අමතරව සිද්ධියට අදාළ ගිනි අවි 161ක වර්ෂ 2018/1/30 වන දින රස පරීක්ෂක වාර්තා සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කර ඇති බව සඳහන් කළ රහස් පොලිසිය එම වාර්තා ලබාදීම සඳහා දිර්ඝ කාලයක් යන බැවින් කොටස් වශයෙන් අදාළල වාර්තා කැඳවීමට ක්‍රියා කරන ලෙසට රහස්‍ පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ගිනි අවි සම්බන්ධ රස පරීක්ෂක වාර්තා මෙතෙක් ලැබී නොමැති බවට අධිකරණයට කරුණු දැක්වු රහස් පොලිසිය මෙම සාක්කි හැර වෙනත් සාක්කි විමර්ශනයට අදාළව ලැබී නොමැති බවද සඳහන් කළේය.

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව හා හිටපු බන්ධනාගාර අධිකාරි එමිල් රංජන් ළමාහේවා යන අය තවදුරටත් ලබන මස 5වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළේය.සිද්ධිය වු දින අවට ආරක්ෂාව සඳහා මුලින්ම හමුදාභට පිරිස් යොදවමින් එම ස්ථානයට ගිය එවකට 14 වන සේනානං‍කය භාරව සිටි සේනාංකාධිපති එවකට බ්‍රිගේඩියර් දැනට මේ‍ජර් ජනරාල් දිසානායක මුදියන්සේලාගේ සාන්ත දිසානායක මහතාගෙන් ප්‍රකාශක් ලබා ගත් බවත්, 2012/11/9 වන දින වැලිකඩ බන්ධනාගාරයට අවට ආරක්ෂාව සඳහා මුලින්ම හමුදාභ‍ට පිරිස් යෙද වු බවට විමර්ශනවලින් තොරතුරු අනාවරණය වු බැවින් මෙජර් ජනරාල් සාන්ත දිසානායක  ගෙන් ඉකුත් 4වන දින ප්‍රකාශ ලබා ගත් බවද කීය.පළමු පා බල හමුදාවේ හා හයවන ගජබා රේජිමේන්තුවේ නිලධාරීන් හා සෙබළුන් ගෙන් ප්‍රකාශ ලබා ගත් බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව යන අයගේ ජංගම දුරකථනය සම්බන්ධයෙන් හා තවත් පුද්ගලයන් 12 දෙනෙකු‍ගේ ජංගම දුරකථන වාර්තා රහස් පොලිසිය වෙත ලබා දීමට අධිකරණය අදාළ දුරකථන සමාගම් වෙත නියෝග නිකුත් කර ඇත.සිද්ධියට අදාළව දැනට සිදු කළ විමර්ශනවලට අනුව සාක්කිකරුවන්ගේ ප්‍රකාශ මත මෙම සිද්ධියෙන් අනතුරුව රාත්‍රී කාලයේ දී යුද හමුදාව වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු වී තත්ත්වය පාලනයෙන් පසු වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් අතරින් තෝරා ගත් රැඳවියන් පිරිසක් ද වෙඩි තබා ඝාතනය කර ඇති බවට කරුණු අනාවරණය වන බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

මෙම කරුණු අනුව පොදු අරමුණු සහිතව මිනිමැරීමට කුමන්ත්‍රණය කිරීම,  මිනීමැරීමට  ආධාර අනුබල දීම, මනුෂ්‍ය ඝාතනය කිරීම යන වරද සම්බන්ධව කරුණු පැහැදිලිව අනාවරණය වන බවත්, සැකකරුවන් වන හිටපු පොලිස් පරීක්ෂක මෝසිස් රංගජිව, හිටපු බන්ධනාගාර අධිකාරි එමිල් රංජන් ළමාහේවා හා බන්ධනාගාර මුලස්ථාන බන්ධනාගාර බුද්ධි ආරක්ෂණ අංශයේ ප්‍රධාන ජේලර් ඉමදුවගේ ඉන්දික සම්පත් යන අය මෙම සිද්ධියේ සැකකරුවන් ලෙස රහස් පොලිසිය අධිකරණය කරුණු වාර්තා කර  ඇත.

 

 

The post රැඳවියන් 27ක් ඝාතනය කිරීමට ආරක්ෂක අංශ වෙත අණ දුන් පුද්ගලයා කවුරුන්ද ? appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();