ඉතාලියේ දකුණු ප්‍රදේශයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් කඳු තරණය කරන්නන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මොවුන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කැලබ්‍රියා ප්‍රදේශයේ ජෝර්ජ් ජාතික උද්‍යානයේ ගමන් කරමින් සිටියදී ගංවතුරට හසුවීමෙනි.

මෙහිදී දහඅට දෙනෙකු බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත් වී ඇති අතර ඔවුන්ගෙන් හය දෙනෙකු රෝහල් ගත කළ බව එරට පොලීසිය තහවුරු කරයි. අතුරුදන් පිරිස සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බව ඉතාලි පොලිසිය වැඩිදුරටත් පවසයි