Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ධුර කාලයේ සිදු වූ අක්‍රමිකතා නිසා පකිස්ථාන හිටපු අගමැති හා දියණිය අත්අඩංගුවට

පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ශරීෆ් සහ ඔහුගේ දියණිය ලාහෝර් නුවරදී ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ විදෙස්ගතව සිට පකිස්ථානයට පැමිණීමෙන් අනතුරුවයි.

සිය ධුර කාලය තුල සිදුවු අක්‍රමිකතාවකට අදාළව නවාස් ශරීෆ්ට පසුගියදා වසර 10 ක සිර දඩුවමක් සහ පකිස්ථාන රුපියල් බිලියන 1.3 ක දඩ මුදලක් එරට අධිකරණය මගින් පනවනු ලැබුවා.

මෙම චෝදනාවන්ට අදාළව හිටපු අගමැතිවරයාගේ දියණියට නියමවු සිර දඩුවම් කාලය වසර 7 ක්.

එමෙන්ම නවාස් ශරීෆ්ගේ බෑනාට වසරක සිර දඩුවමක් නියමවු අතර ඔහු මේ වන විට බන්ධනාගාර ගතව පසුවනවා.

සිය බිරිඳගේ රෝගී තත්වයකට ප්‍රතිකාර ලබාගැනීම සඳහායි පකිස්ථාන හිටපු අගමැතිවරයා සහ දියණිය මෙලෙස විදෙස්ගතව සිට තිබුනේ.

නවාස් ශරීෆ් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහුගේ පාක්ෂිකයන් දස දහසකට වැඩි පිරිසක් ද එම ප්‍රදේශයට පැමිණ සිටියා.



from Gossip Lanka News & Video https://ift.tt/2mhR0HW
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();