2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළදී සිරකරුවන් 27 දෙනෙකු මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව යන සැකකරුවන් තවදුරටත් ලබන 07 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇති බව වාර්ථා වේ. එම නඩුව අද(31) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ප්‍රනාන්දු ඉදිරියේ කැඳවා ඇත.
රහස් පොලිසිය විසින් පරීක්ෂණවල දී සොයාගත් ටී 56 වර්ගයේ ගිනි අවි 25ක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට ඉල්ලීමක් කර තිබුණත් රස පරීක්ෂකවරයාගේ එම වාර්තා මෙතෙක් ලැබී නොමැති බව රහස් පොලිසිය අධිකරණයට දන්වා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව ද රහස් පොලිසිය අධිකරණයට දන්වා තිබේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් දෙදෙනා ලබන 07 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ අතර එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් රහස් පොලිසියට නියම කර ඇති බව සඳහන් වේ.
The post එමිල් රන්ජන් සහ නියොමාල් රංගජීව යළි රිමාන්ඩ්. appeared first on Lanka News Column.
0 Comments