Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මෝදි හා ඉම්රාන් ඛාන් අතර දුරකථන සාකච්ඡාවක්

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉම්රාන් ඛාන් සමඟ දුරකථන සාකච්ඡාවක නිරත ව ඇත.

එහිදී කලාපයේ සාමය සහ ආරක්ෂාව පිළිබඳවයි මූලික අවධානය යොමු වු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එසේම පීටීඅයි පුවත් සේවය වාර්තා කර ඇත්තේ මැතිවරණ ජයග‍්‍රහණය සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍යවරයා ඉම්රාන් ඛාන්ට සුබ පැතුම් එක්කර ඇති බවයි.

ප්‍රජාතන්ත්‍රවාදය පකිස්ථානය පුරා ගැඹූරින් ආරම්භ කළ යුතු බවත් තම බලාපොරොත්තුව සාමය හා සංවර්ධනය රටතුළ යළි ස්ථාපනය වීම දැකීම බවත් මෝදි අගමැතිවරයා මෙහිදී පවසා ඇත.

දෙරට අතර හිතවාදී වාතාවරණයක් නිර්මාණය කර ගැනිම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව මැතිවරණයට පෙර පී ටී අයි පක්ෂ සාමාජිකයන් ප‍්‍රකාශ කළේය. එය ක‍්‍රියාත්මක කරන බව ඉම්රාන් ඛාන් සඳහන් කර තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();