දැනට දිවයිනේ ඇතැම් ප්‍රදේශවල අවිද්‍යාත්මක සිදු කරන සම්බාහක ක්‍රමවලින් ජනතාව බේරා ගත යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ප්‍රකාශ කර සිටී. අමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ කර සිටියේ, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පදනම් ආයතනය එක්ව සංවිධානය කරන ක්‍රීඩා සම්බාහක සහ භෞත චිකිත්සක ආධාරකරුවන් වෙනුවෙන් වූ පාඨමාලාව ආරම්භ කිරිමේ අවස්ථාවට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
“ක්‍රීඩා සම්බාහක සහ භෞත චිකිත්සක විෂය සෞඛ්‍ය ක්ෂේත්‍රයට බලපාන මාතෘකාවක්. තරුණ තරුණියන් විශාල උනන්දුවක් දක්වනවා. භෞත චිකිත්සක සහ සම්බාහක පිළිබද වැරදි මතිමතාන්තර තිබෙනවා. වෛද්‍ය වෘත්තියත් වැරදි විදිහට භාවිතා කරන්න පුළුවන්. පැරණි රජ දවසේ ශ්‍රී ලංකාවේ තිබූ වෛද්‍ය ක්ෂේත්‍රයේ දියුණූව උතුරුමැද පළාතේ නටඹුන් වලින් පැහැදිලි වෙනවා. විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රකාශ කරනවා අද තිබෙන වෛද්‍ය විද්‍යාවට වඩා එදා තිබූ වෛද්‍ය ක්‍රම හොදයි කියලා. විදේශ ආක්‍රමණ වලින් පසු එම වෛද්‍ය ක්‍රම විනාශ වුනා. හොද සම්බාහක ක්‍රම දේශීයව තිබුනා. ඒවා වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ නැහැ. නමුත් චීනය වැනි රටවල පැරණි සම්බාහක ක්‍රම තවදුරටත් භාවිත කරනවා. බෝනොවන රෝග විශාල අභීයෝගයක්. ඒ සදහා ව්‍යායාම් කිරිම අත්‍යාවශයයි. වෛද්‍යමය වශයෙන් පිළිගන්නා සම්බාහක ක්‍රම අවශ්‍යයයි. එහිදී මෙවැනි පාඨමාලා ඉතා වැදගත් වෙනවා. දැනට දිවයිනේ ඇතැම් ප්‍රදේශවල අවිද්‍යාත්මක සිදු කරන සම්බාහක ක්‍රම වලින් ජනතාව බේරා ගත යුතුයි” යැයි පැවසීය.
The post ජනතාව බේරා ගත යුතු බව ඇමැති රාජිත කියයි. appeared first on Lanka News Column.
0 Comments