Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ මධ්‍යවෙදිනියගෙන් මහින්දට යලි පිළිතුරු.

mahinda

මේ  දිනවල  ලංකා  දේශපාලනයේ  මහත්  අන්දොලත්මක  මාතෘකාව ක්  වී  ඇති පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට  හම්බන්තොට වරාය ණය මුදලින් ඩොලර් මිලියන 7.6 මුදලක්  ලබා ගනිමින්  එය ජනාධිපතිවරණයට  යොදාගැනීම  නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ වාර්තාවක් ලියූ මාරියා අබි හබීබ් මාධ්‍යවේදිනිය  ලියු  ස සටහනයි. මේ  පිලිබදව   එය එසේ නොවේයයි  මහින්දරාජපක්ෂප් පාර්ශවයෙන්  නිල  පැහැදිලිකිරීමක්  සිදු නොකර  ටයිම්ස් පුවත්පත බොරු  කරනවා යයි  දේශපාලන වේදිකාවල මෙන්ම  තැන් තැන් වල  කෙරෙන  මාධ්‍ය සාකච්ඡාවලදී  සදහන්  කරමින් තිබේ .  මෙම  චෝදනාවලට  එම  ලිපිය ලියු  මාධ්‍ය වේදිනිය  කරුණු ණු පැහැදිලි කිරීමක් කර තිබේ.ඇයගේ නිල ‍ට්විටර් ගිණුම හරහා පණිවුඩ යොමු කරමින් ඇය ඒකපාර්ශවීය මාධ්‍ය වාර්තාකරණයක නියැලී ඇති බවට එල්ල කරන ලද චෝදනා වලට ඇය පිළිතුරු දී තිබේ.චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන ඇය තමාගේ ලිපිය මුලුමනින්ම සත්‍ය කරුණු මත පදනම්ව සකස් කරන ලද්දක් බවත් අදාල ගවේෂණාත්මක වාර්තාව පල කිරීමට පෙර මහින්ද රාජපක්ෂ පාර්ශවයෙන් කරුණු විමසීමට අවස්ථා ගණනාවකදී උත්සාහ දැරූ නමුත් එය අසාර්ථක වී යැයි ඇය සඳහන් කර තිබේ.ඊමේල්, ජංගම දුරකතනය සහ වට්ස් ඇප් යන ක්‍රම හරහා මහින්ද රාජපක්ෂ පාර්ශවය සම්බන්ධකර ගැනීමට උත්සාහ රැසක් දැරුවද ඒවා සියල්ල ව්‍යාර්ථ වු බව මරියා අබි හබීබ් පවසා ඇත.

හිටපු බහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගෙන්ද  මේ සම්බන්ධයෙන් කරුණු විමසූ නමුත් ඔහුගෙන්ද චෝදනාවලට අදාලව නිසි ප්‍රතිචාරයක් නොලැබුණු බව මරියා අබී හබීබ් සිය ට්විටර් ගිණුමේ සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම සිද්ධියට අදාලව ප්‍රතිචාර දැක්වීමට මහින්ද රාජපක්ෂ මහතාට හෝ ඔහුගේ පාර්ශවයට තවදුරටත් අවස්ථාව ඇති බවද නිව්යෝක් ටයිම්ස් මාධ්‍යවේදිණිය අවධාරණය කර තිබේ.  වර්තමානයේදී පවා ඒ සඳහා අවස්ථාවක් ලබා දීමට සුදානම් බවත් ඇය සඳහන් කර ඇත.

ඇයගේ ට්විටර් ගිණුම පහත දැක්වේ

 

https://twitter.com/Abihabib?ref_src=twsrc^google|twcamp^serp|twgr^author

The post නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ මධ්‍යවෙදිනියගෙන් මහින්දට යලි පිළිතුරු. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();