පාන් සඳහා දැනට අයකරනු ලබන සියයට 2ක ජාතිය ගොඩනැගීමේ බද්ද සහ බේකරි නිෂ්පාදන සඳහා අය කරන බදු ඉවත් නොකරන්නේ නම් පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් වැඩි කිරීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය අනතුරු අඟවන බව සඳහන් වේ.
එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පවසා ඇත්තේ බේකරි නිෂ්පාදන සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය මිල විශාල ලෙස ඉහළ යාම, අමුද්‍රව්‍ය සඳහා අධික ලෙස බදු අයකිරීම සහ බේකරි කර්මාන්තයට රජයෙන් කිසිදු සහනයක් නොලැබීම නිසා මෙම කර්මාන්තය පවත්වාගෙන යෑමට අපහසුතා පැන නැගී ඇති බවයි. එමෙන්ම මේ සම්බන්ධයෙන් රජයේ විවිධ පාර්ශව දැනුම්වත් කර ඇතත් මේ වනතෙක් කිසිදු සහනයක් ලබාදී නොමැති බවද ඔහු පවසා තිබේ.
මේ වනවිට ආනයනික අමුද්‍රව්‍ය සඳහා සියයට 200 ක බදු අය කරන අතර මාගරින් කිලෝවක් සඳහා රුපියල් 215 ක්ද, ෆාම්තෙල් සඳහා රුපියල් 12 ක්ද, බටර් සඳහා රුපියල් 600 ක් ද අය කෙරෙන බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන වැඩිදුරටත් සඳහන් කර ඇත.
The post පාන් මිලත් ඉහළට? appeared first on Lanka News Column.
0 Comments