Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇතැම් කණ්ඩායම් පාසල් ප්‍රජාව නොමග යැවීමට උත්සාහ කරනවා – ඇමති අකිල විරාජ්.

Akila_Minister_Kuliyapitiya

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විදුහල්පතිවරුන් මාරුකිරීමේ තීරණය සම්බන්ධයෙන් විවිධ කණ්ඩායම් ඇතැම් මාධ්‍ය යොදාගනිමින් අසත්‍ය හා පදනම් විරහිත තොරතුරු සමාජගත කරමින් පාසල් ප්‍රජාව නොමග යැවීමට උත්සාහයක නිරත වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කර සිටී. අමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ කර සිටියේ, කුලියාපිටිය කිරින්ඳව මහා විද්‍යාලයේ ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ ඉදිකළ නව දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීම වෙනුවෙන් පැවති උත්සවයේදීයි.

එහිදී රාජ්‍ය සේවකයින්ට බලපැවැත්වෙන ස්ථාන මාරුවීම් අධ්‍යාපන සේවයේ නිරත සියලුම නිලධාරීන්ට ද ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී. එමෙන්ම  පසුගිය කාලයේ ගුරුවරුන් එකම පාසලේ වසර 30 ක් පමණ සේවය කළ අවස්ථා වාර්තා වූ බවත් නිසි පරිදි මාරුවීම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය හරහා කටයුතු කරමින් නැවතත් අධ්‍යාපන ක්ෂේත්‍රය විධිමත් සහ ක්‍රමානුකූල කිරීමට තමා නායකත්වය දී ඇති බවත් පෙන්වා දුන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඉදිරියේදී වසර 8 කට වඩා එකම පාසලේ සේවය කරමින් සිටින ජාතික පාසල්වල විදුහල්පතිවරුන්ට ද ස්ථාන මාරුවීම් ලබාදීමට  රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතියට යටත්ව තීරණය කර ඇති බව ද සඳහන් කළේය.

එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විදුහල්පතිවරුන් මාරුකිරීමේ තීරණය සම්බන්ධයෙන් විවිධ කණ්ඩායම් ඇතැම් මාධ්‍ය යොදාගනිමින් අසත්‍ය හා පදනම් විරහිත තොරතුරු සමාජගත කරමින් පාසල් ප්‍රජාව නොමග යැවීමට උත්සාහයක නිරතවන බව ද උත්සව සභාව ඇමතූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය..

ජ්‍යෙෂ්ඨත්වය පමණක් නොව අධ්‍යාපන සුදුසුකම්, ශ්‍රේණිය හා නිපුණතා හා කුසලතා සහිතව විදුහල්පති භූමිකාව තුළ සිටිමින් පාසල්වල ඉටු කළ කාර්යභාරය ද සැලකිල්ලට ගනිමින් විනිවිදභාවයෙන් යුතු ලකුණු ලබා දීමේ පටිපාටියක් අනුව විදුහල්පතිවරුන් පත්කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

The post ඇතැම් කණ්ඩායම් පාසල් ප්‍රජාව නොමග යැවීමට උත්සාහ කරනවා – ඇමති අකිල විරාජ්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();