Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ව්‍යවසායකත්ව ගුණය සහ ව්‍යාපාරික ඥානය ඇත්නම් උසස් පෙළින් පසු පොළී රහිත ණය.

 mangala samara

සෑම වර්ෂයකදීම ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලක්ෂ දෙකහමාරක් පමණ අපොස උසස් පෙළ විභාගයට මුහණ දුන්නද විශ්වවිද්‍යාල වරම් ලබන්නේ  25000ක් පමණක් විම ගැටලුකාරි තත්ත්වයක් බව  මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කර සිටී. අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ, මාතර පැවති උත්සවයක් අමතමිනි.

එහිදී  ආර්ථික හැකියාවක් පවතින දෙමාපියන් තම දරුවන් විදෙස් රටකට හෝ මෙරට පෞද්ගලික අධ්‍යාපන ආයතනයකට යොමු කර උසස් අධ්‍යාපනය ලබා දුන්නද විවිධ කුසලතා ඇති විශාල පිරිසක් උපේක්ෂා භංගත්වයෙන් යුතුව සිටින බව ද අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම උපාධියක් නොමැති වුවවත් නව නිපැයුම්, නිර්මාණශිලි අදහස්, ව්‍යවසායකත්ව ගුණය  සහ ව්‍යාපාරික ඥානය ඇත්නම් එම පුද්ගලයාට වත්මන් සමාජයේ උසස්ම තත්ත්වයකට පැමිණිය හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එම නිසා මෙම මානව සම්පත රැක ගැනිම සඳහා රජය මගින් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා නමින් ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවත් එමගින් හැකියාව මත පොළි රහිත ණය පහසුකම් ලබා දිමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම මෙම මස 15 වනදා සිට බැංකු හරහා මෙම පහසුකම සලසා දෙන අතර පොළි ගෙවීම් කටයුතු රජය මගින් සිදු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

The post ව්‍යවසායකත්ව ගුණය සහ ව්‍යාපාරික ඥානය ඇත්නම් උසස් පෙළින් පසු පොළී රහිත ණය. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();