දැනට විසුරුවා හැර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනී සිටි ක්‍රීඩා අමාත්‍යංශයේ නියෝජිතයාට අන්තර්ජාතික ක්‍රිකට් සභා රැස්වීමේ අසුන්ගැනීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්‍ෂ මණ්ඩලය අවසර දී තිබේ.
එහෙත් අදාළ නියෝජිතයාට එ් සදහා සහභාගී වීමට අවස්ථාව අැත්තේ, නිරීක්‍ෂකයකු වශයෙන් පමණි.
මාස හයක් ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමේ කොන්දේසිය මත නියෝජිතයාට මෙම අවසරය ලැබී ඇත.
එම කාලය තුළ නිලවරණය නොපැවැත්වුණහොත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේදී ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය සම්බන්ධයෙන් නැවත සලකා බැලීමට සිදුවන බව ද අන්ත්ජාතික ක්‍රිකට් සභාව ක්‍රීඩා අමාත්‍යංශ නියෝජිතයාට දන්වා තිබේ.

0 Comments