Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සරුංගල් යැවීම තහනම් වෙයි.

Kites

කටුනායක ගුවන් තොටුපොළ අවට කලාප ඉහළ අහසේ සරුංගල් යැවීම, ගුවන් යානාවල ගමන්වලට බාධා ඇති කිරීම හේතුවෙන්, එම ප්‍රදේශයේ සරුංගල් යැවීමෙන් වැලකී සිටින්නැයි ගුවන් තොටුපොළ රාජකාරී කළමනාකාරවරයා ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා ඇතැයි සඳහන් වේ. ශ්‍රී ලංකාවේ සරුංගල් වාරය, දෙවන පාසැල් නිවාඩු සමයත් සමඟ ආරම්භ වීමට නියමිත හෙයින්, පසුගිය වසරවල අත්දැකීම් මත මෙම ඉල්ලීම ප්‍රදේශයේ ජනතාව වෙත ඉදිරිපත් කිරීමට කළමනාකාරවරයා පියවර ගෙන ඇති බව පැවසේ.

මඩවල, මාදුව, කළහපිටිය, පීල්ලවත්ත ආදී කුඹුරු යාය සහිත ප්‍රදේශවලවල මෙම සරුංගල් යැවීම ඉදිරි අගෝස්තු මාසය තුළ බහුලව සිදු වන හෙයින්, එම ප්‍රදේශ ඔස්සේ ගුවන් යානා ද ඉතා පහතින් ගමන් ගන්නා නිසා මෙම සරුංගල් එම යානාවල පැටලී අනතුරු සිදුවිය හැකි බව ගුවන් තොටුපළ කළමනාකාරිවරයා සඳහන් කර ඇත.

එමෙන්ම ගුවන් තොටුපොළ අවට ප්‍රදේශවාසීන් මේ පිළිබඳව වඩාත් සැළකිලිමත් විය යුතු බවත් කටුනායක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත ඒකනායක පවසා ඇති අතර,  විශාල සරුංගල් ඉදිරි කාලවලදී විශාල වශයෙන්, උදෑසන සිට සවස් වනතුරු ගුවන් තොටුපොළ අවට ඉහළ අහසේ යැවීමෙන් කටුනායක ගුවන් තොටුපොළ මෙන්ම ගුවන් යානාවල රේඩාර් පද්ධතිවලට ද අපහැදිලි සහගත දර්ශන ඇති කිරීම තවත් අනතුරුදායක කටයුත්තක් බවත් සඳහන් කර ඇත.

The post සරුංගල් යැවීම තහනම් වෙයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();