Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආජන්ටිනාව පාපන්දු තරගාවලියෙන් ඉවතට

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවන වටයේ තරග ආරම්භයේදීම ජයක් වාර්තා කරන්නට ප්‍රංශ කණ්ඩායම සමත් වුණේ වත්මන් පාපන්දු අනුශූරයින්ට තරගාවලියෙන් ඉවත්වීමට අවස්ථාව සලසමින්ය.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවන වටය ආරම්භ කරමින් ප්‍රංශය සහ ආර්ජන්ටිනාව තරග වැදුණු අතර එම තරගය ගෝල 4 ට 3 ක් ලෙස ජයගත් ප්‍රංශ ක්‍රීඩකයින් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

ඒ, ලයනල් මෙසී ප්‍රමුඛ ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායමට කලකට අමතක නොවන පරාජයක් උරුම කර දෙමින්.

තරගයේ පළමු අර්ධය නිමාවන විට කණ්ඩායම් දෙකම ගෝලය බැගින් ලබාගෙන සම තත්ත්වයේ පසු විය.

කෙසේ නමුත් දෙවන අර්ධයේ අමතර කාලයේදී ගෝලයක් වාර්තා කරමින් තරගයට අවතීර්ණවන්නට ආර්ජන්ටිනාව උත්සාහ දැරුවත් ප්‍රංශ ජයග්‍රහණය වළක්වාලන්නට එය ප්‍රමාණවත් වුණේ නැහැ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();