Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මයි‍ලෝ කුසලාන 27 වැනි පාසල් නෙට්බෝල් තරගාවලිය අගෝස්තු 2,3,4 මහනුවරදී

Author(s): 
ෆවුස් මොහොමඩ්

ජාතික තලයේ ක්‍රීඩිකාවන් බිහිවන විශිෂ්ටතම පාසල් නෙට්බෝල් තරගාවලිය ලෙස සැළකෙන සමස්ත ලංකා මයිලෝ කුසලාන නෙට්බෝල් තරගාවලියේ අවසන් වටයේ තරග ලබන අගෝස්තු මස 2,3 සහ 4 මහනුවර ‍බෝගම්බර පිටියේදී පැවැත්වෙයි.

වයස් කාණ්ඩ 4ක් යටතේ 'ඒ' සහ 'බී' කොටසින් තරග පැවැත්වෙන මේ තරගාවලියේ අවසන් වටයේ තරග සඳහා කණ්ඩායම් 460කින් ක්‍රීඩිකාවෝ 5500ක් සහභාගි වෙති.

'ඒ' කොටස යටතේ අවුරුදු 13න් පහළ, 15න් පහළ, 17න් පහළ සහ 19න් පහළ තරග පැවැත්වෙන අතර 'බී' කොටසින් අවුරුදු 15න් පහළ, 17න් පහළ සහ 19න් පහළ තරග පැවැත්වෙයි. 'ඒ' කොටස සඳහා කණ්ඩායම් 370ක් ද, 'බී' කොටස සඳහා කණ්ඩායම් 90ක්ද එක්වී ඇතැයි තරගාවලිය පිළිබඳ පෙරේදා පස්වරුවේ කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා පාසල් නෙට්බෝල් සංගමයේ සභාපතිනිය සහ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල්පතිනිය මාලනී හේරත් මහත්මිය ප්‍රකාශ කළාය.

මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, නාගරික සංවර්ධන හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහත්වරු ඇතුළු මැති ඇමැතිවරුන් සහ මධ්‍යම පළාතේ මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙනි.

පසුගිය වසරේ බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ පැවැති 26 වැනි තරගාවලියේ සමස්ත ශූරතාව අඛණ්ඩව 10 වැනි වරටත් දිනා ගැනීමට කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය සමත්වූ අතර සම අනුශූරතාව කොළඹ විශාකා විදුහලට සහ කළුතර බාලිකා විදුහලට හිමිවිය.

එහිදි 'ඒ' කොටසේ අවුරුදු 13න් පහළ ශූරතාව සහ අවුරුදු 19න් පහළ ශූරතාව කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට හිමිවූ අතර අවුරුදු 15න් පහළ ශූරතාව කළුතර බාලිකා විදුහලටත්, අවුරුදු 17න් පහළ ශූරතාව කොළඹ විශාඛා විදුහලටත් හිමිවිය.

ශ්‍රී ලංකා පාසල් නෙට්බෝල් සංගමයේ මෙහෙයවීමෙන් සහ නෙස්ලේ ලංකා සමාගමේ අනුග්‍රාහකත්වයෙන් 27 වැනි වරටත් පැවැත්වෙන මේ තරගාවලියේ දිස්ත්‍රික් මට්ටමේ තරග මධ්‍යස්ථන 15කදී පාසල් 780ක ක්‍රීඩිකාවන් 9360කගේ සහභාගීත්වයෙන් මේ මස සහ පසුගිය ජූනි මාසයේදී පැවැත්විණි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();