Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ප්‍රියංකා චොප්රාගේ අලුත් ම පෙම්වතාට 25යි - PHOTOS

බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රාගේ අලුත්ම පෙම්වතා පිළිබද තොරතුරක් ඩේලි මේල් පුවත්පත වාර්තා කර ඇත.

ඔහු 25 හැවිරිදි හොලිවුඩ් නළුවෙක් හා ගායකයෙකු වන නික් ජොනාස් බව සදහන්ය. පසුගිය සතියේ දී ඔවුන් දෙදෙනා සාදවලදී හමු වූ අවස්ථා මාධ්‍ය වාර්තා කර තිබුණි.

විශේෂයෙන් ඔවුන් ඉකුත් අඟහරුවාදා නිව්යෝර්ක් නගරයේ දී රාත්‍රී භෝජන සංග්‍රහයකට එක්ව තිබේ.

35 හැවිරිදි  ප්‍රියංකා එහිදී නිල් පැහැති ගවුමකින් සැරසී පැමිණ ඇති අතර නික් ජොනාස් කළු පැහැති ක්‍රීඩා කමිසයකින් සහ සැහැල්ලු දිගු කලිසමකින් සැරසී පැමිණ ඇත.

එසේම පසුගිය සෙනසුරාදා ජොනාස්ගේ පවුලේ විවාහ මංගල්‍යයකට මොවුන් දෙදෙනා සහභාගී වී ඇති අතර එහි හැසිරී ඇත්තේ පෙම් යුවළක් ලෙසින් බවට ඩේලි මේල් වාර්තා කර ඇත.

කෙසේ නමුත් මේ  පිළිබදව 35 හැවිරිදි  ප්‍රියංකා කිසිදු ප්‍රතිචාරයක් තවමත් දක්වා නොමැත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();