Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගුවන් නියමුවන් 03ක් ජනපති කොමිසමට

ශ්‍රී ලංකන් හා මිහින් ලංකා ගුවන් සේවාවල සහ ශ්‍රී ලංකන් කේටරින් සේවයේ සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව සාක්ෂි විමසීම සඳහා අද ගුවන් නියමුවන් 03 දෙනෙකු කැඳවා තිබේ.

සාක්ෂි විභාගය අද උදෑසන 10.00 ට ආරම්භ කෙරුණු අතර  මීට පෙර කොමිසම සමාගම් රෙජිස්ටාර් ජනරාල්වරයාගෙන් හා සමාගම් රෙජිස්ටාර් අංශය භාර කළමනාකරණ සහකාරවරයාගෙන් මිහින් ලංකා හා ශ්‍රීලංකන් කේටරින් ආයතනය ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් සාක්ෂි ලබා ගත්තේ ය.

මේ අතර, ශ්‍රීලංකන්, මිහින් ලංකා ගුවන් සේවාවල සහ ශ්‍රීලංකන් කේටරින් සේවයේ සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් මේ වන විට මහජන පැමිණිලි 44කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවයි කොමිසමේ ලේකම් ආරියදාස කුරේ ප්‍රකාශ කළේ.

ඔහු පැවසුවේ, පැමිණිලිවලට අදාළ විමර්ශන කටයුතු සඳහා විශේෂ කණ්ඩායම් දෙකක් ක්‍රියාත්මක බව ය.

ශ්‍රී ලංකන් එයාලයින්, සීමා සහිත ශ්‍රී ලංකන් කේටරින් සහ සීමාසහිත මිහින් ලංකා සමාගම්වල 2006 ජනවාරි මස 06 වන දින සිට 2018 ජනවාරි 31 දක්වා වූ කාලය තුළ සිදුවූවා යැයි සැලකෙන අක්‍රමිකතා පිළිබඳව විමර්ශන හා පරීක්ෂා කර වාර්තා කිරීම මෙම ජනාධිපති කොමිසමේ කාර්යභාරය වේ.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();