Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාන්ට්ගේ ශතකය අපතේ යයි

මෙවර අයි.පී.එල්. තරගාවලියේ ක්‍රීඩකයකු වාර්තා කළ ඉහළම ඉනිමට හිමිකම් කියමින් රිෂාබ් පාන්ට් රැස්කළ විශිෂ්ට ශතකය (128) අපතේ යැවු දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් ක්‍රීඩකයෝ සන්රයිසස් හයිද්‍රාබාද් පිල හමුවේ කඩුලු 9කින් පරාජයට පත්විය.

ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන හයිද්‍රාබාද් පිල අත්කරගත් 9 වැනි ජය මෙය වන අතර අවසන් ස්ථානයේ පසුවන දිල්ලි පිලට හිමිවූ 8 වැනි පරාජය විය.

දිල්ලි හිදී පැවැති තරගාවලියේ 42 වැනි තරගයේ පළමුව පන්දුවට පහරදුන් දිල්ලි පිල ලකුණු 187ක් රැස්කළ අතර එම ඉලක්කය කිසිදු අපහසුවකින් තොරව හඹාගිය හයිද්‍රාබාද් ක්‍රීඩකයෝ පන්දු 7ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසුකළේ කඩුල්ලක් පමණක් අහිමිකර ගනිමිනි.

ලකුණු හඹායෑම ඇරැඹු හයිද්‍රාබාද් ඉනිමේ ආරම්භක පිතිකරු ඇලෙක්ස් හේල්ස් (14) දැවී යෑමෙන් අනතුරුව ශිකර් ධවාන්ට එක්වූ නායක කේන් විලියම්සන් ලකුණු 176ක නොබිඳුණු සබඳතාවක් ගොඩනගමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

තරගයේ වීරයා වූ ශිකර් ධවාන් පන්දු 50කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 92ක් රැස්කළ අතර විලියම්සන් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමගින් පන්දු 53කදී ලකුණු 83ක් වාර්තා කළේය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දිල්ලි පිල වෙනුවෙන් හුදෙකලා සටනක නිරතවූ පාන්ට් පන්දු 63කට මුහුණදෙමින් නොදැවී ලකුණු 128ක් රැස්කළේය. එය මෙවර තරගාවලියේ වාර්තාවූ තෙවැනි ශතකය මෙන්ම වැඩිම ලකුණු සංඛ්‍යාවද විය. ඔහුගේ ඉනිම හතරේ පහර 15කින් සහ හයේ පහර 7කින් වර්ණවත් විය.

ඔහු, ග්ලේන් මැක්වෙල් සමගින් පස්වැනි කඩුල්ලට පන්දු 39කින් ලකුණු 63ක් එක්කළ අතර ඉන් මැක්ස්වෙල් ලබාගත්තේ ලකුණු 9ක් පමණි.

දිල්ලි - 187/5 (ඕවර 20) රිෂාබ් පාන්ට් නොදැවී 128, හර්ෂාල් පටේල් 24 (සකීබ් අල් හසන් 27/2)

හයිද්‍රාබාද් - 191/1 (ඕවර 18.5) ශිකර් ධවාන් නොදැවී 92, කේන් විලියම්සන් නොදැවී 83

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();