Ticker

6/recent/ticker-posts

Header Ads Widget

චුම්භක අධිවේගී දුම්රියේ අත්හදා බැලීම් ධාවනය සාර්ථකයි

චීනයේ නව පරපුරේ චුම්භක අධිවේගී දුම්රියේ අත්හදා බැලීම් ධාවනය සාර්ථක වේ. එම අත්හදා බැලීම සිදු කරන ලද්දේ පසුගිය 23 වැනි දිනය.

ඒ චීන ජාතිකාරක්ෂක විද්‍යා තාක්ෂණික විශ්ව විද්‍යාල පරිශ්‍රයේදීය. එම චුම්භක අධිවේගී දුම්රිය සඳහා චීනයට පූර්ණ ස්වයං බුද්ධිමය දේපල අයිතිය හිමි වේ. එහි වේගය පැයකට කිලෝමීටර් 160කි.

බුද්ධිමත්, සුරක්ෂිත, පරිසර – හිතකාමී සහ ආර්ථික – ඵළදායි මෙම දුම්රි‍ය නිර්මාණය සඳහා භාවිත කළ තාක්ෂණය ලොව පිළි ගත් ක්‍රමවේදයන්ට අනුව සිදු කර තිබේ.

මෙම දුම්රිය නිෂ්පාදනය චීනයේ “එක් තීරයක් – එක් මාවතක්” වැඩපිළිවෙළට සමගාමීව පැවැත්වෙන ජගත් සහයෝගීතාවන් හා එක් කිරීමට ඉදිරියේදී අපේක්ෂා කෙරේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();