Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හෙරොයින් කිලෝ 8ක් ගෙනා පාකිස්තාන ජාතිකයාට මරණ දඬුවම

Author(s): 
නෙල්කා මැදගෙදර

අල කන්ටේනරයක සඟවා හෙරොයින් කිලෝග්‍රෑම් 08 කට අධික ප්‍රමාණයක් මෙරටට ගෙන ඒමට වරදකරු වූ පාකිස්තාන ජාතිකයකුට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඊයේ (11) මරණ දඬුවම නියම කෙළේය. සෙයිඩ් මොහොමඩ් හෙවත් ජාන් නමැති හතළිස් අට හැවිරිදි පාකිස්තාන ජාතිකයකුට මෙලෙස මරණ දඬුවම නියම කෙරිණි.

අල කන්ටේනරයක බහා අල ගෙඩි ලෙස පෙනෙන ලෙස සකස් කළ ප්ලාස්ටික් අසුරනවල බහා හෙරොයින් කිලෝග්‍රෑම් 8 ග්‍රෑම් 35 ක ප්‍රමාණයක් මෙරටට ගෙන ආ බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත මේ පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබුණේ 2010 වසරේ නොවැම්බර් මාසයේදීය. ඔහුට එරෙහි දීර්ඝ නඩු විභාගයක් පැවැත්වීමෙන් පසු මහාධිකරණ විනිසුරුවරයා මෙලෙස මරණ දඬුවම නියම කර ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();