ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මේ මස 31 වැනිදා පැවැත්වෙයි.
එදිනට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමට නීතිමය බාධාවක් නොමැති බවට නීතිපතිවරයා විසින් දැනුම් දීමෙන් අනතුරුව එම දිනයේම නිලවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙස ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මුලින්ම පැවැත්වීමට නියමිතව තිබුනේ මැයි 19 වැනිදාය. එහෙත් තාක්ෂණික ගැටළු මත අප්‍රේල් මස 27 වැනිදා එය කල් තබනු ලැබිණි.
විධායක කමිටු රැස්වීමකදී නිලවරණ කමිටුවක් පත් කිරීමට හිටපු ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා අවසර දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා සිටියද, ව්‍යවස්ථාදායක ක්‍රමවේදය අනුගමණය කළ යුතු බවට නව ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා අවධාරණය කර සිටියේය. විශේෂ මහා සභා රැස්වීමකදී සම්පූර්ණ සාමාජිකත්වයේ අනුමැතිය අනුව එවැනි නිලවරණ කමිටුවක් පත් කර ගත යුතු බව ව්‍යවස්ථාදායක ක්‍රමවේදයේ සඳහන් වෙයි.
මේ අනුව ක්‍රිකට් ආයතනය විසින් විශේෂ මහා සභා රැස්වීමක් මැයි 19 වැනි දින කැඳවනු ලැබිණි.
කෙසේ වෙතත්, නිලවරණයක් කැඳවීම හා එවැන්නක් වාර්ෂික මහා සභා රැස්වීමකදී පැවැත්වීම අතර දින 40 කාල රාමුවක් තිබිය යුතු බවට ව්‍යවස්ථාවේ සඳහන් වන බැවින්, නිලවරණයක් පැවැත්විය හැකි ආසන්නතම කාලය බවට පත්වූයේ ජූනි මාසයේදීය. එහෙත් වර්තමාන පාලක මණ්ඩලයේ කාලය මැයි 31 වැනිදායින් අවසන් වන බැවින් නිලවරණය පවත්වන තෙක් අන්තර් කමිටුවක් පත් කිරීම මෙහි ප්‍රතිඵලය වීමට ඉඩ තිබිණි. සත්‍ය වශයෙන් එයින් සිදුවනු ඇත්තේ වර්තමාන විධායක කමිටුව අන්තර් කමිටුවක ස්වරූපයෙන් නිලවරණය තෙක්ම බලයේ රැඳී සිටීමය.
එහෙත් ක්‍රීඩා ඇමැති ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා විසින් ක්‍රීඩා පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව පෙරේදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත විධානයක් නිකුත් කරමින් විශේෂ මහා සභා රැස්වීම කල් දැමීමට නියෝග කර ඇත.
තවද, ජාතික ක්‍රීඩා සංගමයක පරිපාලනය සඳහා ප්‍රජත්‍රන්ත්‍රවාදී අයුරින් පත් කර ගනු ලබන නිලධාරී මණ්ඩලයක අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, නීතිපතිතුමාගේ උපදෙස් විමසීමෙන් අනතුරුව, 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ (සංශෝධිත) 39 (1) වගන්තිය ප්‍රකාරව ක්‍රීඩා ඇමැතිවරයා විසින් නිකුත් කරන ලද විධානය ප්‍රකාරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පත් කර ගැනීම සඳහා වන නිලවරණය සහ මහා සභා රැස්වීම ක්‍රීඩා පනතේ සහ ඊට අදාළ රෙගුලාසි අනුව නිලවර්ණ කමිටුව විශේෂ මහා සභාවකින් පත්කරගැනීමෙන් අනතුරුව නිලවරණය 31දා පවත්වන ලෙස ඇමැතිවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇතැයි එම ආයතනය කියා සිටී.
නිලවරණයේ නාම යෝජනා බාර ගැනීම අප්‍රේල් 27 වැනිදායින් අවසන් වූ කාරණය මත මැයි 31 වැනිදා නිලවරණය පවත්වන මෙන් ක්‍රිකට් ආයතනය කළින් ක්‍රීඩා ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය. අලුතින් නාම යෝජනා බාර නොගත් බැවින්, දින 40ක කාලය ඉවත් කළ හැකි බව ක්‍රිකට් ආයතනයේ මතය විය. අවසානයේ ක්‍රීඩා අමාත්‍යංශය එය පිළිගත්තේය.
වර්තමාන සභාපති තිලංග සුමතිපාල මහතාට එරෙහිව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් වන නිශාන්ත රණතුංග හා ජයන්ත ධර්මදාස යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කඳවුරු දෙකක් තරග වදිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
0 Comments