Ticker

6/recent/ticker-posts

Header Ads Widget

‘සන්ක්වීක්’ ජාතික ශූරතාවේ අවසන් තරග මේ මස 19 වැනිදා

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සී/ ස මැකී ආයතනයේ අනුග්‍රහයෙන් සංවිධාන කරන ‘සන්ක්වීක්’ ජාතික බීච් වෝලිබෝල් ශූරතාවේ අවසන් මහා තරග මේ මස 19 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. එදින අභිනවයෙන් විවෘතවන සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඉදිකළ නවතම බීච් වොලිබෝල් ක්‍රීඩා පිටියකදී මේ අවසන් තරග පැවැත්වීම විශේෂත්වයකි.

විවෘත කාන්තා හා පිරිමි අවසන් තරගවලට යුද - නාවික - ගුවන් හමුදා කණ්ඩායම්වලින් කණ්ඩායම් තේරී පත්ව සිටින අතර 21න් පහළ පිරිමි අවසන් තරගයට දවිසමර කණ්ඩායම හා 21න් පහළ කන්තා අවසන් තරගයට ගලිගමුව ක්‍රීඩා සමාජය සුදුසුකම් ලබා සිටී.

විවෘත කාන්තා අවසන් තරගය ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා යුද හමුදාව අතර, විවෘත පිරිමි අවසන් තරගය ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා යුද හමුදාව අතර පැවැත්වේ. 21න් පහළ පිරිමි අවසන් තරගයට දවිසමර කණ්ඩායම හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව එහි කාත්නා අවසන් තරගයට ගුවන් හමුදාව හා ගලිගමුව ක්‍රීඩා සමාජය පිවිස සිටිති.

කණ්ඩායම් 112ක් සහභාගීවූ ජාතික බීච් වොලිබෝල් ශූරතාවලිය මෙවර ඉතා සාර්ථක වූ බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය. ඒ මහතා එසේ පැවැසූවේ ජාතික ඔලිම්පික් කමිටු ශ්‍රවණාගාරයේදී පෙරේදා පැවැති මාධ්‍ය හමුවකදීය.

“බීච් වොලිබෝල් ක්‍රීඩාව දැන් වෙරළ තීරයේ පමණක් නොව රට අභ්‍යන්තරයේ නිර්මාණය කළ ක්‍රීඩා පිටිවල පැවැත්වෙනවා. එය සතුටට කරුණක්. බීච් වොලිබෝල් ක්‍රීඩාව ඉතා අඩු පහසුකම් ඇතිව ආරම්භ කළ හැකියි. පසුගියදා අපට හමුවුණා කෑගල්ල ප්‍රදේශයේ දක්ෂ බීච් වොලිබෝල් ක්‍රීඩකයෙක්. රටේ සෑම පළාතකින්ම බීච් වොලිබෝල් දක්ෂයන් නිර්මාණය කිරීමට අපට හැකියාව තිබෙනවා. රටපුරා බීච් වොලිබෝල් ක්‍රීඩා නැංවීම උදෙසා සන්ක්වික් අනුග්‍රාහකත්වය හිමිවීම සතුටට කරුණක්. මැකී ආයතනය ලාභාපේක්ෂාවෙන් තොරව ක්‍රීඩාව නැංවීමට එක්වීම ගැන වොලිබෝල් සම්මේලනයේ සතුට පළ කරනවා” සියඹලාපිටිය මහතා පැවැසීය.

සී/ ස මැකී ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංගල පෙරේරා, ප්‍රධාන විධායක ජෙරම් ජයතිලක, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් නාලක ශාන්තසිරි, උප සභාපති සී. රත්නමුදලි යන මහත්වරු ඇතුළු පිරිසක් ද මේ මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

 

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();