හිනිදුම පොලිස් වසමේ හබරකඩ ප්‍රදේශයේ නිවසක වයස අවුරුදු 32 ක කාන්තාවක් ඇයගේ මාස 10 ක් වයසැති පිරිමි දරුවා ඝාතනය කර එම කාන්තාව ද නිවස තුළ ගෙල වැළලාගෙන මිය ගොස් ඇත.
හබරකඩ, හිනිදුම පොලිස් වසමේ සමඟි මාවතේ, ඇල ඉහළ ප්‍රදේශයේ මෙම නිවස පිහිටා තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරන ලද්දේ අද(23) උදෑසන 10 ට පමණ මෙම සිදුවීම සිදුව ඇති බවය.
එම කාන්තාව මානසික ආබාධයකට ප්‍රතිකාර ලබා ගන්නා බවට අනාවරණ වී ඇත.
හිනිදුම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
0 Comments