හැටන් දික්ඔය හැටන් දික්ඔය වනරාජා වත්තේ පදිංචි එකලොස් හැවිරිදි පාසල් සිසුවියක් තම නිවසේදි ගෙල වැලලාගෙන ඇතැයි අප වාර්තාතරු පවසයි.
අනතුරුව ඇය ප්‍රදේශවාසින් විසින් ඉන් මුදා ගෙන දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර තිබේ.
නොර්වුඩ් පොලිසිය කියා සිටියේ ඇයගේ තත්ත්වය බරපතල බැවින් වැඩිදුර ප්‍රතිකාර සදහා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවු බවයි.
මෙම දැරිය සිය නිවසේ තාවකාලිකව ඉදි කර ඇති කාමරයක බාල්කයේ අද උදෑසන ගෙල වැලලාගෙන ඇත.
එම සිසුවිය නොර්වුඩ් ප්‍රදේශයේ ප්‍රධාන දමිල පාසලක 06 වන වසරේ අධ්‍යාපනය ලබමින් සිටියි.
0 Comments