අනායාස මරණය නීත්‍යානුකූල කරමින් ඉන්දියා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. අනායාස මරණය ලෙස හැඳින්වෙන්නේ යම් රෝගියෙකුට දෙන වෛද්‍ය ප්‍රතිකාර දැඩි නිර්දේශ යටතේ නතර කර එම රෝගියාගේ මරණය ඉක්මන් කළ හැකි වීමයි.
ඒ අනුව සුව නොවන රෝග වැලදුණු, අඩු කාලයක් ජීවත්වීමට ඉඩ ඇති පුද්ගලයන්ට සහ ඔත්පලව එක් තැන් වී සිටින පුද්ගලයන්ට ස්වේච්චාවෙන් මරණය සදහා යොමු වීමට සහය දීම මෙම නඩු තීරණයෙන් පසුව නීත්‍යානුකූල වනු ඇත.
දැඩි ලෙස රෝගාතුර වූ පුද්ගලයෙකුට ගෞරවාන්විත මරණයක් ලැබීමේ අයිතියක් ඇති බව මෙම නඩුවේ පෙත්සම්කරුවන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළ අතර, එම තර්ක මත පදනම්ව අවසාන තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ගෞරවාන්විත මරණයක් ලැබීම පුද්ගලයෙකුගේ අයිතියක් බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ පැවසූහ.

0 Comments