Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අර්ජුන් මහේන්ද්‍රන්ට වරෙන්තු

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව විසින් සිදුකළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය, මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව ගොනු කර ඇති නඩුවේ පළමු සැකකරු ලෙස නම් කර ඇති හිටපු මහ බැංකු අධිපතිවරයා අධිකරණය මඟහැර සිටින පුද්ගලයෙකු බවට නිඟමනය කරමින් මෙම නියෝග නිකුත් කර තිබේ.

මහ බැංකුවේ රහස්‍ය තොරතුරු සිය දියණියගේ සැමියාට අයත් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට ලබාදී සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට චෝදනා එල්ල වී ඇත.

එමෙන්ම අදාළ නඩුවේ දෙවන සහ සිව්වන සැකකරුවන් ලෙස නම් කර ඇති පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය ලබන 29 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කරන ලදි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();