Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පලතුරු අලෙවියෙන් එක්කෝටි හැට ලක්ෂයක් හෙව්ව ගුරුවෙළ ගොවිපොළ.

මොරගහකන්ද ගුරුවෙළ ගොවිපොළ පසුගිය වසරේ දී (2017) එම ගොවි පොළේ වගා කෙරෙන පලතුරු අලෙවි කිරීමෙන් රුපියල් එක්කෝටි හැට ලක්ෂයක මුදලක් උපයාගෙන තිබේ.

මහවැලි සංවර්ධන රාජ්‍ය ඇමැති හා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන  පසුගිය දා මෙම ගොවිපොළේ ප්‍රගතිය පිළිබඳ සොයා බැලීය.

එම ගොවිපොළ වෙත ගිය ඇමැතිවරයා ගුරුවෙළ පලතුරු ගොවිපොළේ වගා කටයුතු නිරීක්ෂණය කළේය. මෙම ගොවිපොළේ විශේෂයෙන් වගා කෙරෙන අඹ අලෙවියෙන් 2017 වසරේ උපයා ඇති මුදල රුපියල් 50,00000කි.

දැනට සේවකයන් 100කට අධික පිරිසක් මෙහි සේවය කරන අතර මෙම භෝගවලට හානි කරන කෘමීන් විකර්ෂණය සඳහා සාම්ප්‍රදායික තාක්ෂණය ඔස්සේ ලබා ගන්නා පණුවතුර එකට දහයේ අනුපාතයට ඉසින බවත් එමගින් සාර්ථකව පළිබෝධකයන් විකර්ශණය කෙරෙන බවත් එම නිලධාරීහු පැවසුහ.

පණුවතුර පළිබෝධ විකර්ශකයක් ලෙස සකසා ගන්නේ බැරලයකට පස් හා ගල් තට්ටු වශයෙන් දමා ඊට ගැඩවිල් පණුවන් එක් කිරිමෙනි. එමෙන්ම ඉහළින් ජලය බින්දුව බැගින් එම භාජනයට වැටෙන්නට සැලැස්වීමෙන් අදාළ භාජනයේ තෙතමනය ආරක්ෂා කරයි. ගැඩවිල් පණුවන් විසින් බැහැර කරන අපද්‍රව්‍ය මගින් පෙරෙන ජලය පණුවතුර ලෙස හැඳින්වේ. මෙවැනි තාක්ෂණික ක්‍රම උපයෝගි කර ගනිමින් වගා කෙරෙන ගුරුවෙළ ගොවිපොළේ පලතුරු හා එළවළුවලට කොළඹ සිට පැමිණෙන ගැනුම්කරුවන්ගෙන් ඉහළ ඉල්ලුමක් පවතින බව එම ගොවිපොළේ නිලධාරීහු පවසති.

ඇමැතිවරයාගේ මෙමප්‍රගති සමාලෝචන නිරීක්ෂණ චාරිකාවට මාතලේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණී කවිරත්න මහත්මිය ද එක්වුවාය.

The post පලතුරු අලෙවියෙන් එක්කෝටි හැට ලක්ෂයක් හෙව්ව ගුරුවෙළ ගොවිපොළ. appeared first on Ape Rata | News Sri Lanka |News Today|Breaking News|Daily News.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();