මහනුවර ප්‍රදේශයේ පසුගියදා ඇති වූ කලහකාරී සිදුවීම් අතරතුර හානියට පත් ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය හා සංරක්ෂණය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා මධ්‍යම සංස්කෘතික අරමුදලට උපදෙස් ලබා දී තිබේ.
ඒ අනුව, අදාළ ප්‍රදේශයේ හානියට පත් වෙහෙර විහාරස්ථාන, ඉස්ලාමීය දේවස්ථාන ඇතුළු ආගමික ස්ථානයන් පිළිබඳ වාර්තාවක් සකස් කොට එම ස්ථාන සංරක්ෂණය හා සංවර්ධනය කිරීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල කටයුතු සූදානම් කැර තිබේ. අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක“සසුනෝදය”වැඩසටහනට සමගාමීව මෙම ප්‍රතිසංස්කරණ හා සංරක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතය.
මේ වනවිටත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් මහනුවර ප්‍රදේශයේ හානියට පත් ආගමික සිද්ධස්ථාන පිළිබඳ මූලික අධ්‍යයනයක් සිදු කර ඇති අතර, සංරක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය මුල්‍ය දායකත්වය මෙන්ම තාක්ෂණික සහාය ද මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර තිබේ.

0 Comments