Ticker

6/recent/ticker-posts

Header Ads Widget

” මම ආයෙත් ඕස්ට්‍රේලියාවට ක්‍රීඩා කරන්නේ නෑ” කඳුලු පිරි දෙනෙතින් හිතුවක්කාරයා වෝර්නර් සමුගනියි

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ උපනායක ඩේවිඩ් වෝර්නර් මාධ්‍යය අමතා සිදුකළ ප්‍රකාශයක් ජාත්‍යන්තර මාධ්‍යයේ දැඩි අවදානයට ලක්ව තිබෙනවා. ඒ ආන්දෝලනාත්මක පන්දුව පලුදු කිරීමේ සිදුවීමෙන් අනතුරුවයි,

දකුණු අප්‍රීකාව සමග පැවති ටෙස්ට් තරගාවලියේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුව පලුදු කරන දර්ශන පටිගත වීම මහත් ආන්දෝලනයට තුඩු දුන් අතර ඉන්පසු ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත්ට සහ උපනායක ඩේවිඩ් වෝර්නර්ට වසරක බැගින් තරග තහනමක් පැනවූවා.

තමන්ට අත්වූ තරග තහනමෙන් පසු ඩේවිඩ් වෝර්නර් මාධ්‍යය ඉදිරියේ පෙනි සිටි අතර එහිදි කඳුලු පිරි දෙනෙතින් වෝර්නර් සමාව ඉල්ලා සිටියා. සිදුවූ සෑම දෙයකටම වගකීම තමන් විසින් ලබා ගන්නවා යැයි කී වෝර්නර් නැවත වතාවක් ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා නොකරන බවද පැවසූවා. මේ අනුව වෝර්නර් පැවසූවේ තමන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමෙන් සමුගන්නා බවයි.

දැඩි හිතුවක්කාරී ක්‍රීඩකයෙකු ලෙස ප්‍රසිද්ධ ඩේවිඩ් වෝර්නර් ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදයට ලක්වූ ක්‍රීඩකයෙක්. මින් පෙර එංගලන්ත සංචාරයකදි එංගලන්ත ක්‍රීඩක ජෝ රූට් ට සමාජ ශාලාවකදි පහර දුන් වෝර්නර් පසුගිය දකුණු අප්‍රීකානු සංචාරයේදී දකුණු අප්‍රීකානු ක්‍රීඩක ඩී කොක්ට පහර දීම රසිකයන්ගේ දැඩි අප්‍රසාදයට ලක්වූවා.



from Gossip Lanka News & Video https://ift.tt/2H3dvu4
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();