මුන්දලම පොලීසියට ලද තොරතුරකට අනුව, නාගවිල්ලුව ප්‍රදේශයේදී වෑන් රථයක තිබී මත්කුඩු තොගයක් වටලා තිබේ.
නාගවිල්ලුව ප්‍රදේශයේ සිට මීගමුව දක්වා ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක තිබී මත්කුඩු කිලෝ 02කට ආසන්න ප්‍රමාණයක් පොලීසිය මෙලෙස සිය භාරයට ගෙන ඇත.
මෙහිදී සැකකරුවන් 03 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

0 Comments