ගාල්ල , හිනිඳුම නුගගල මාවත ප්‍රදේශයේදී අද පස්වරුවේ දිය නෑමට ගිය පිරිසකගෙන් ගිං ගඟේ ගිලී කාන්තාවක, සහ ගැහැනු දරුවන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසීය පැවසුවේ, මවක, දියණියක සහ දියණියගේ යෙහෙළියන් දෙදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
අනතුරින් මිය ගිය මව 39 වන වියේ පසු වන අතර ගැහැනු දරුවන් තිදෙනො ම 14 වැනි වියේ පසු වන සිසුවියෝ වෙති.
මව සහ දියණිය හිනිඳුම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනෙක් දරුවන් දෙදෙනා තංගල්ල හා මාපලගම පදිංචිකාරියන් ය.
ඔවුන්ගේ මෘත ශරීර හිනිඳුම රෝහලේ තැන්පත් කර ඇත.
0 Comments