Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බාලවයස්කාර දියණියට අඹු සැමි සබඳතාවට අනුබල දුන් අම්මාටත් පුංචි අම්මාටත් ඇප

අවුරුදු 15 ක බාල වයස්කාර පාසල් දැරියක් නිත්‍යනුකූල බාරකාරත්වයෙන් අපහරණයකර ස්ත්‍රි දුෂණයක් සිදුකිරිමේ චෝදනාව මත නොච්චියාගම පොලිසිය මගින් අත්අඩංගුවටගෙන තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරු ලබන 20 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රා රමිලා නදීෂානි මහත්මිය නියෝග කළාය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ නොච්චියාගම කටුපත්තෑව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන හීංබංඩාගේ කැලුම් වීරසිංහ නැමති සැකකරුවෙකි. සැකකරුගේ මව බාලවයස්කාර දැරිය දුෂණය කිරිමට අනුබලදිමේ චෝදනාවමත අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ලක්ෂයේ ශරිර ඇපයක්මත මුදාහැරිමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.මේ අතර දැරියගේ පුංචි අම්මාද බාලවයස්කාර දැරියට උපත් පාලන පෙති ලබාදිමේ චෝදනාව මත එදිනම අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත්කිරිමෙන් පසුව දින දෙකක් රක්ෂිත බන්ධනාගාරගතකර සිටිමෙන් පසුව නැවත අධිකරණයවෙත ඉදිරිපත් කළ පසු ලක්ෂයේ ශරිර ඇපයක්මත මුදාහැරිමටද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

බාලවයස්කාර දැරියගේ මව ඇගේ දෙවන විවාහයේ සැමියා පිළිකා රෝගයෙන් පෙළෙයි. මව ඇගේ දෙවන සැමියාගේ නිවසේ පදිංචිව සිට ඇති අතර දැරිය පුංචි අම්මාගේ නිවසේ පදිංචිව සිට ඇත.සැකකාර තරුණයා හා දැරිය අතර ප්‍රේම සම්බන්ධතාවයක්ද තිබි ඇති අතර සැකකරු පසුගිය දෙසැම්බර් මස 31 දා මෙම දැරිය නව වසරේදි පාසල ආර්ම්භ කිරිමට පෙර පාසල සුද්ධ පවිත්‍ර කිරිමට පැමිනෙමින් සිටින අතරේදි දැරිය රැගෙන ගොස් අඹුසැමි ඇසුරක් පවත්වා තිබේ.පසුව මේ පිළිබදව නොච්චියාගම පොලිසියට ලැබුණු තොරතුරක් මත සැකකරු නොච්චියාගම කටුපත්තෑව ප්‍රදේශයේදි පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබිනි. මෙහිදි දැරියගේ පුංචි අම්මාවන සැකකාර කාන්තාව වෙනුවෙන් පෙනි සිටි නිතිඥ ශ්‍රිලාල් මහේෂ් තලංගල්ල මහතා කරුනු දක්වමින් තම සේවාදායිකාව විවාහක දරුවන් දෙදෙනෙකු සිටින මවක් බවත් ඇය උපත්පාලන පෙති දැරියට ලබාදි නැතිබවත් පැවසිය.දැරිය ඇයගේ පුංචි අම්මා උපත්පාලන පෙති පානය කරන අයුරු දැක එය අනුකරනය කරමින් ඇයද උපත්පාලන පෙති බි ඇති බවට පොලිසියට පවසා ඇතැයිද අධිකරණයට දන්වා සිටියේය.සැකකරු වෙනුවෙන් නිතිඥ උත්තරා අබේසිංහ මහත්මිය පෙනි සිටි අතර පොලිසියේ හා නිතිඥවරුන්ගේ කරුනු සැලකිල්ලටගත් මහේස්ත්‍රාත්වරිය දැරිය ලක්ෂ පහක බැදුම්කරයක්මත මවට බාරදිමටත් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරිමටත් නියෝග කළාය.

උතුරුමැද පළාත් සමුහ
කේ.එන්. සමන් කුමාර

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();