ඉන්දීය ගිලන් රථ සේවාව ක්‍රියාත්මක කිරීමේ දී විරෝධය පළ කළ වෛද්‍ය සංගම් බස්නාහිර පළාතේ රෝහල් රෙදි සේදීමේ ව්‍යාපෘතියට විරෝධය පළ කිරීම පුදුමයක් නොවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.
රුපියල් මිලියන 700ක වියදමින් ගම්පොළ මූලික රෝහලේ ඉදිකිරීමට යෝජිත හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය සහ ශල්‍ය වාට්ටු සංකීර්ණය සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. ගම්පොළ මූලික රෝහලේ ඉදිකරන ලද රුධිර කාන්දුකරණ ඒකකය ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී විවෘත කළේය.
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “බස්නාහිර පළාතේ රෝහල්වල රෙදි සේදීමේ ව්‍යාපෘතියට වෛද්‍ය සංගම් විරෝධය පළ කරනවා. එම ව්‍යාපෘතිය බාර ඉන්දීය සමාගම වසර 15 කට පසු අදාළ යන්ත්‍ර සූත්‍ර සෞඛ්‍ය අමාත්‍යාංශයට බාර දෙනවා. ඒ අති නවීන තාක්ෂණයත් සමඟයි. ඉන්දීය ගිලන් රථ සේවාව දකුණ සහ බස්නාහිර පළාත්වල ක්‍රියාත්මක කිරීමට යාමේ දී වෛද්‍ය සංගමය ගල් ගහන්න කිවුවා. එහි සේවකයින්ට පුහුණුවක් නෑ කියලා ප්‍රකාශ කළා. නමුත් මේ දක්වා ජනතාවට එම ගිලන් රථ සේවාව සේවය කර තිබෙනවා. ඉදිරියේදී දිවයින පුරාම එම ගිලන් රථ සේවාව ආරම්භ කරනවා. යෝජිත එට්කා ගිවිසුමේ සම්බන්ධයක් මෙම ව්‍යාපෘතිවලට තිබෙන බව කියනවා. නමුත් එහි කිසිදු සම්බන්ධයක් නැහැ.
“මධ්‍යම රජයේ රෝහල් මෙන්ම පළාත් සභා රෝහල් ද සංවර්ධනය කරනවා. පළාත් සභා රෝහල්වලට මම මුදල් ලබාදුන්නා. එවිට භාණ්ඩාගාරය විමසා සිටියා පළාත් සභා රෝහල්වලට මුදල් ලබාදෙන්නේ ඇයි ද කියලා. මම කිවුවා සෞඛ්‍යය යනු මධ්‍යම රජයට හෝ පළාත් සභාවලට අයිති දෙයක් කියලා ජනතාව දන්නේ නැහැ. ජනතාවට අවශ්‍ය සෞඛ්‍ය සේවාවන් පමණයි. එම සේවාව ලබාදීමට අපොහොසත් වුවහොත් බනින්නේ රජයටයි. ඒ පිළිබඳව මම කරුණු පැහැදිලි කළා.
හිටපු අගමැති දි. මු. ජයරත්න, නියෝජ්‍ය ඇමැතිවරුන් වන අනුරාධ ජයරත්න, බන්දුල යාලේගම මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

0 Comments