Ticker

6/recent/ticker-posts

Header Ads Widget

එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර මහලේකම් ජනපති හමුවෙයි

ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර සම්බන්ධතා තහවුරු කිරීම පිණිස ‘වාර්ෂිකව සිදුකරන සංචාරයක් ලෙසින් 4 වැනි වරට ද මෙරටට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර මහලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා (Jeffrey Feltman) පසුගියදා (09) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සාමය සහ සංහිඳියාව ගොඩනැගීමට ජනාධිපතිතුමා ගෙනයන වැඩපිළිවෙළ මෙහිදී අගය කළ ජෙ‍ෆ්රි ෆෙල්ට්මන් මහතා,ඒ වෙනුවෙන් රජයේ කැපකිරීම් පිළිබඳ සිය ප්‍රශංසාව පළ කෙළේය.

මෙහිදී ප්‍රතිචාර දක්වමින්, එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජය වෙත ලබාදෙන ආධාර, මඟපෙන්වීම ඇතුළු සහයෝගය පිළිබඳ තම කෘතඥතාවය පළ කළ ජනාධිපතිතුමා, ඉදිරියේදීත් ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහය අපේක්ෂා කරන බව සඳහන් කෙළේය.

එමෙන්ම ශ්‍රී ලංකාව ලොව සියලු රටවල් සමඟ පවත්වාගෙන යන මිත්‍රශීලී විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව සඳහන් කළ ජනාධිපතිතුමා, අනාගතයේ දී ද එම ප්‍රතිත්තිය අනුව යමින් ජාත්‍යන්තර සංවිධාන සහ සියලු රටවල් සමඟ කටයුතු කරනබව ප්‍රකාශ කෙළේය. මෙහිදී අදහස් දැක්වූ ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා රජයේ සංහිඳියා ක්‍රියාදාමය වෙත ද සංවර්ධන උත්සාහයට ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහාය අනාගතයේදීත් හිමිවන බව සඳහන් කෙළේය.

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට එක්විය. 

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();