සෞදි ආරාබියාවේදී ශ‍්‍රී ලාංකික ගෘහ සේවිකාවක් වෙඩි තබා ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
සෞදි ආරාබියාවේ බුරේඩ්හිදී පසුගිය සෙනසුරාදා උදෑසන මෙම වෙඩි තැබීම සිදුව ඇති බව වාර්තා වේ.
සෞදි අරාබියානු ජාතිකයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර එහිදී 42 හැවිරිදි කාන්තාවක් මෙලෙස ඝාතනයට ලක්ව ඇත.
පසුව සෞදි අරාබියානු ජාතිකයා ද අදාළ ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇතැයි සදහන් වේ.
අදාළ වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා මානසික ආබාධයකින් පෙලෙන පුද්ගලයෙකු බවට මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලීසිය විමර්ශන ආරම්භ කර ඇතැයි වැඩිදුරටත් වාර්තාවේ.

0 Comments