ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම වේග පන්දු යවන්නන් දෙදෙනා වන ලසිත් මාලිංග සහ නුවන් කුලසේකර අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමට සූදානම් වන බව වාර්තා වේ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට විවිධ පාර්ශවලින් එල්ල වී තිබෙන ගැරහිලි සහ අකටයුතුකම් එම ක‍්‍රීඩකයන්ගේ සමුගැනීම ඉක්මන්වීමට හේතුවී තිබේ.
මෙම ක‍්‍රීඩකයන් දෙපළම මේ වන විටත් ටෙස්ට් ක‍්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටින අතර එක්දින සහ විස්සයි20 අන්තර්ජාතික තරගවලට සහභාගි වෙති.
කුලසේකර මීට වසර දෙකට පමණ පෙර ටෙස්ට් පිලේ අවස්ථාව නොදීම නිසා ටෙස්ට් පිටියෙන් ඉවත් වූ අතර ඔහුට මේ වන විට එක්දින පිලේද අවස්ථාව නොලැබෙන තත්ත්වයක් උද්ගත වී තිබේ.
ක‍්‍රීඩා අමාත්‍යවරයා සමඟ ඇතිවී ඇති විරසකය මාලිංගගේ සමුගැනීම ඉක්මක් කරනු ඇති බව වාර්තා වේ.
මෙම වේග පන්දු යවන්නන් දෙදෙනා ඉතාමත් කිට්ටු මිතුරන් බවත් මාලිංග සමුගත හොත් කුලසේකර ද සමුගැනීමට සූදානමින් සිටින බව තතු දන්නෝ පවසති.
වර්තමානයේ එම ක‍්‍රීඩකයන්ට එල්ල වී ඇති පීඩනය හමුවේ ජාතික කණ්ඩායමෙන් ඉවත්වීමට සූදානම්ව සිටිය ද ඔවුන්ගේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අමතක නොවන සටහන් දෙකක් අත ළඟ තිබීම නිසා සමුගැනීම පසු පසට තල්ලු වී තිබේ.
තිස්තුන් හැවිරිදි මාලිංග එක්දින ජාත්‍යන්තර තරග 194 කදී කඩුලු 294 ක් ලබා සිටින අතර ඔහු කඩුලු 300 ක් සම්පූර්ණ කිරීමට ද, 34 හැවිරිදි කුලසේකර එක්දින තරග 183 කදී කඩුලු 199ක් ලබා සිටින අතර ඔහු කඩුලු 200ක් සම්පූර්ණ කිරීමට ද, බලාපොරොත්තු වන බව වාර්තා වේ.
එම දෙපළ එම කඩඉම් පසුකර සිටියේ නම් මේ වන විටත් අන්තර්ජාතික ක‍්‍රිකට් y පිටියට සමුදී අවසන් බව බොහෝ දෙනා පවසති.
from Gossip Lanka News & Video http://ift.tt/2pq8Jim
via internet





0 Comments