දේව දානමය පින්කමක් සදහා සකස් කල දානය බෙදිමට නෙලුම් කොළ කැඩිමට ඊයේ (11) ඔරුවකින් පෙරියකුලම් වැව මැදට ගොස් නෙලුම් කොළ කඩද්දි ඔරුව පෙරළීමෙන් එහි සිටි පස් දෙනෙකු මියගිය බව නිලාවේලි පොලිසිය කියයි.
මියගිය අය අතර එකම පවුලේ පියා හා දියණියක් සිටි. මියගිය සෙසු තිදෙනා ඥාති දරුවන් වන අතර ඉන් අයෙකු දියණියකි. පෙරියකුලම් වැව අසල ගල්තලාවක් මත සෙසු පිරිස් දානය සකස් කරද්දි මෙම අනතුර සිදුවි තිබේ. ඔරුව පෙරළෙද්දි දානය සකස් කරමින් සිටි අය එය දැක කැගසද්දි අවට සිටි පිරිස ඔවුන් බේරාගෙන නිලාවේලි ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කරනවිටත් මියගොස් තිබුණි. ඔරුවේ හය දෙනෙකු සිට ඇති අතර ඔරුව පෙරළෙන අවස්ථාවේ එහි දිය නාමින් සිටි තරුණයෙකු එක් දැරියක බේරාගෙන ඇතැයි පොලිසිය කියයි.
මියගිය අය නිලාවේලි ,කොට්ඨාස අංක දෙකේ පදිංචි කරුවෝ වෙති. මෙසේ මියගියේ ධර්මලිංගම් තංගරාසා (43) හා ඔහුගේ දියණිය වන තංගරාසා සංගවි (09) නැමැති අය හා මියගිය ධර්මලිංගම් තංගරාසා නැමැති අයගේ සහෝදරයාගේ පුතුන් දෙදෙනා වන කේෂන් රාජ් (10) සුදේශන් රාජ් (07) හා ඥාති දියණියක වන එස්.ප්‍රනවි (07) යන අයයි.
දැදුෂානි (06) දැරිය බේරාගත් සිද්ධිය ඇසින් දුටු වෙල්ගම් වෙහෙර පදිංචි නිරෝෂන් අබේවික්‍රම මහතා පැවසුවේ මම අම්මා එක්ක නාන්න ගියා. ගෑනු කෙනෙක් කෑගැව්වා. ඔරුව පෙරළිලා බේරාගන්න කියලා. මම වතුරට පැන්නා. දරුවෝ දෙන්නෙක් පෙරලුණ ඔරුව අල්ලාගෙන හිටියා. පීනලා ඔරුව ළගට යනකොට එක දරුවෙක් දියේ ගිලුණා. මම ඉතිරි දරුවා බේරාගෙන ගොඩට අරන් ආවා යැයි පැවසිය.
සිද්ධිය සම්බන්ධයෙන් නිලාවේලි පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක අනිල් ප්‍රසන්න ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරික්ෂණ පැවැත්වේ.
රක්ෂණ ශ්‍රියන්ත සහ ත්‍රිකුණාමලය විශේෂ

0 Comments