බත්තරමුල්ල කොස්වත්ත ප්‍රදේශයේ දී බස් රථ රියැදුරෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. කසුන් මහතා සහ ඔහුගේ බිරිය ලබන 13 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.
පසුගියදා (09) බස් රථ රියැදුරෙකු සමඟ බහින්බස් වීමක් සිදුව ඇති අතර ඉන් පසුව මෙම පහරදීම සිදු කර ඇති බව පොලිසිය පවසයි. ඒ අසල සිටි පුද්ගලයෙකු ජංගම දුරකථනයෙන් සිද්ධිය වීඩියෝ කර ඇති අතර සැකකාර මන්ත්‍රීවරයාගේ බිරිය ද පිස්තෝලයක් අතැතිව පහර දෙන අයුරු එහි දැක්වෙයි. සැකකාර මන්ත්‍රීවරයා හා ඔහුගේ බිරිය තලංගම පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ජීව උණ්ඩ 6ක් සමඟ අදාළ පිස්තෝලය ද පොලිස් භාරයට ගෙන ඇත. පහරකෑමට ලක්වූ රියැදුරා රෝහල්ගත කර ඇති අතර සැකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 13 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය පරික්ෂණ සිදුකරයි.
රක්ෂණ ශ්‍රියන්ත

0 Comments