Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අල්ලස් දූෂණ තුරන් කරන වැඩපිළිවෙළට අල්ලස් කොමිසමට සුපිරි නිලධාරීන් 50ක්

Author(s): 
විජයානි එදිරිසිංහ

අල්ලස් දූෂණය සම්පූර්ණයෙන්ම මෙරටින් තුරන් කර දැමීමේ ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රථමවරට අල්ලස් කොමිසමට සුපිරිපන්ති නිලධාරින් පනස් දෙනකු බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මෙතෙක් කාලයක් අල්ලස් කොමිසමට මෙවැනි තනතුරක් සඳහා නිලධාරින් බඳවාගෙන තිබුණේ නැත.

අල්ලස් ගන්නා සහ දෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන නිලධාරින් බඳවා ගැනීම සිදුකළත් නිවාරණයට නිලධාරින් බඳවා ගන්නා ප්‍රථම අවස්ථාව මෙය වෙයි.

අල්ලස තුරන් කිරීම, වැටලීම් සහ කොටුවෙන පුද්ගලයන් නීතිය හමුවට පමුණුවා දඬුවම් ලබා දීමෙන් පමණක් කළ නොහැකි යන අරමුණු මත නිවාරණය මුල සිටම ක්‍රියාත්මක කළ යුතුයි යන මත ඒ සඳහා පුළුල් වැඩසටහනක් අල්ලස් කොමිසම මගින් දීපව්‍යාප්ත වැඩසටහනක් ආරම්භ කර තිබේ. පාසල් මට්ටමේ සිට ඔවුන් දැනුවත් කරමින් සිදුකෙරෙන එම වැඩසටහන අවශ්‍ය සුපිරි පන්ති නිලධාරින් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();