වසර 2020 වන විට ශ්‍රි ලංකාවේ ඩිජිටල් සාක්‍ෂරතාව සියයට 90% දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත හා වානිජ කටයුතු පිළිබඳ ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
ශ්‍රි ලංකාවේ අනාගත ඩිජිටල් වෙළෙඳාම සහ කර්මාන්තකරණය ජය ගැනීම උදෙසා දැනටමත් සැලසුම් කර ඇති බවත්, ඒ අනුව ඒ සඳහා අවශ්‍ය සැලසුම් හා පියවර ගෙන ඇති බවත් රිෂාඩ් බදියුදීන් මහතා කියා සිටි.
ඇමැතිවරයා මේ බව පැවසුවේ පසුගියදා අමාත්‍යාංශයේ පැවති ඩිජිටල් වෙළෙඳපොල හා කර්මාන්තකරණ පිළිබඳ සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ රිෂාඩ් බදියුදීන් මහතා මෙසේද පැවැසීය:
අපේ රජය 2017 - 2020 මාධ්‍ය කාලීන ඩිජිටල් උපාය මාර්ගයන් ලෙස මේ වන විට, තොරතුරු සඳහා වූ යටිතල පහසුකම් සංවර්ධනය, මානව සම්පත් සංවර්ධනය, විද්‍යුත් ආණ්ඩුකරණය (E- Government ), සයිබර් පරිසරයේ ආරක්‍ෂාව තහවුරු කිරීම හා ඩිජිටල් අන්තර්ගතය වැඩිදියුණු කිරීම යන අංග 05 කෙරෙහි අවධානය යොමු කර, ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග දියත් කර තියෙනවා. ඒ වගේම ජාතික ක්ලවුඩ් (Cloud) ගබඩා ව්‍යාපෘතියේ ජාල ධාරිතාව ඉහළ නැංවීම උදෙසා පරිසර හිතකාමී ඩිජිටල් පද්ධති සංවර්ධනය ද සිදු කරනවා. ඒ වගේම 3G හා 4G තාක්‍ෂණය වර්තමාන ජනගහණයෙන් සියයට 75% කට වඩා වැඩි ප්‍රමාණයක් ආවරණය කෙරෙනවා. ඒ මඟින් ඩිජිටල් දත්ත සේවා ආදායම් වේගයෙන් ඉහළ යමින් තිබෙනවා.
මෙම ඩිජිටල්කරණ කුසලතාවන්ගේ මන්දගාමී වර්ධනය නිසා ශ්‍රි ලංකාව දැනට අභියෝග ගණනාවකට මුහුණ දෙමින් සිටිනවා. මෙය අපගේ ඇඟළුම් අපනයන අංශයේ ඩිජිටල් සංවර්ධනයට ද බලපා තිබෙනවා. එසේම බහු පාර්ශවීය වෙළෙඳ පද්ධති, ඔවුන්ගේ න්‍යාය පත්‍රවල ඩිජිටල්කරණයේ ධනාත්මක බලපෑම ගැන ඇතුළත් කරගෙන සිටිනවා.
ඒ වගේම ශ්‍රි ලංකාව අනෙක් රටවල් 09 සමඟ සංවර්ධනය සඳහා විද්‍යුත් වාණිජ්‍ය භාවිතය සම්බන්ධව අන්ක්ටෑඩ් (Unctad) එකඟතාවයන්ට අත්සන් කරලා තියෙනවා. ඒ වගේම විද්‍යුත් වාණිජ්‍ය ලෝකයේ ආර්ථිකය, රාජ්‍ය, ව්‍යාපාරික හා ජනතාව කෙරෙහි බලපාන අභියෝග මෙන්ම ඒ ඒ පාර්ශවයන්ට අවස්ථා ඇති කිරීම කෙරෙහි අති විශාල බලපෑමක් ඇති කරනවා.
එම නිසා ශ්‍රි ලාංකීකයින් වන අප මෙම ගෝලීය විද්‍යුත් - වාණිජ්‍ය අවස්ථාව කිසිසේත් මඟහැරීම නොකළ යුතුයි. මේ පිළිබඳව විශේෂ ජාත්‍යන්තර වැඩමුළුවක් පසුගිය දා කොළඹ දී පැවැත්වුණා. එය අප රට ඇතුළු ආසියාවේ දියුණු වෙමින් පවතින රටවල් සඳහා ඉතා වැදගත් වෙනවා. එමඟින් ඩිජිටල් ආර්ථිකය, වෙළෙඳ හා කාර්මීකරණය යන දෙ අංශයේ නව විභව්‍යතා ජනිත කිරීමට හේතු වෙනවා. එම නිසා මම විශ්වාස කරනවා. පසුගිය දා කොළඹදී පැවති ඩිජිටල් වෙළෙඳ හා කර්මාන්තකරණය පිළිබඳව වැඩමුළුව අපගේ ඩිජිටල් ධාරිතාවන් වැඩිදියුණු කර ගැනීමට ද්වීපාර්ශවික හා බහුපාර්ශවික වෙළෙඳාම කෙරෙහි ඩිජිටල්කරණය සපයන දායකත්වය ඉහළ නැංවීම සඳහාත්, ඒවා නිවැරදිව භාවිතා කිරීම සඳහාත් ඉතා හොඳ වේදිකාවක් සපයනවායැයි ද ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
සුභාෂීණී සේනානායක සහ නිමල් රාජපක්ෂ

0 Comments