Ticker

6/recent/ticker-posts

Header Ads Widget

යෙන් මිලියන 10,639ක ජපාන ආධාර ශ්‍රී ලංකාට

 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජපාන සංචාරයේදි ජපාන යෙන් මිලියන 10,639 ක වටිනාකමකින් යුත් සෞඛ්‍ය හා වෛද්‍ය සේවා වැඩිදියුණු කිරිම සඳහා ව්‍යාපෘතියකට අත්සන් තැබීම ඊයේ(14) සිදුවිය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ජපාන අගමැති ශින්සෝ අබේ මහතා ඉදිරියේ දී ජපාන රජය නියෝජනය කරමින් ශ්‍රී ලංකා ජපාන තාන්පති කෙන්චි සුගනුමා මහතා හා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින්ජපාන ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගන්ගානාත් දිසානායක මහතා ගිවිසුමට අත්සන් තැබිය. මෙම ව්‍යාපෘතිය කොටස් තුනක් යටතේ සිදුකෙරේ.

මධ්‍යම ,වයඹ, උතුරු මැද,ඌව සහ නැගෙනහිර පළාත් රෝහල්වල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා උපකරණ ලබා දීම ද වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාල සඳහා උපකරණ මිලදී ගැනීම හා වෛද්‍ය උපකරණ නඩත්තුව සඳහා උපකරණ මිලදී ගැනිම ද ශ්‍රී ලංකාවේ සමස්ත මරණ වලින් 40%නට හේතුවන බෝ නොවන රෝග විශේෂයෙන් හෘද වාහිනී රෝග හඳුනා ගැනීම හා ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍ය සේවාවන් වැඩිදියුණු කිරීම සිදුවේ. මෙම ව්‍යාපෘතිය මඟින් ශ්‍රී ලංකාව හා ජපානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය කිරීමත් ශ්‍රී ලංකාවේ ආර්ථික ,සමාජ සංවර්ධනය සිදුකිරීමත් සිදුවේ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();