Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පේරාදෙණියේ ළමා වකුගඩු සැත්කම් සියයක්

Author(s): 
අසේල කුරුළුවංශ

ළමා වකුගඩු බද්ධ කිරීම් සියයක් අති සාර්ථකය සිදු කළ දකුණු ආසියාවේ ප්‍රථම හා එකම රෝහල බවට පේරාදෙණිය ශික්ෂණ රෝහල පත්ව ඇත.

වසර 2004 ප්‍රථම වකුගඩු බද්ධ කිරීම සිදු කිරීමෙන් පසු වසර 14 ක් තුළ මෙම කඩඉම පසු කිරීමට හැකිවූයේ ඊට වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ උපරිම දායකත්වය හිමිවීම නිසා බව විශේෂඥ ශල්‍ය වෛද්‍ය, මහචාර්ය එම්.ඩී ළමාවංශ මහතා කීය.

වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් වලට මුහුණදී යළි ජීවිත වරම් ලද දරුවන් සියලු දෙනාගේ සහභාගීත්වයෙන් ඊයේ (16) පේරාදෙණිය ශික්ෂණ රෝහලේ පැවැති උත්සවයකදී ළමාවංශ මහතා ඒ බව ප්‍රකාශ කළේය.

වසර 2004 පෙර අවධියේ වකුගඩු බද්ධ කළ යුතු ළමයින්ට සිදුවූයේ මරණය වැලඳ ගැනීමට බවත් දැන් ඔවුන් සැමට ජීවිතය ලබා දෙන්නට පේරාදෙණිය රෝහල සූදානම් බවත් ඒ මහතා පැවසුවේය.

ළමයෙකුට වකුගඩුවක් බද්ධ කිරීම සඳහා අවුරුදු දෙකක් හා කිලෝ 10 ක බරක් සම්පූර්ණවී තිබිය යුතු වුවත් ජීවිත අවාදානමක් වළක්වා ගැනීම පිණිස පේරාදෙණිය රෝහලේදී කිලෝ ග්රෑම් 08 ක බරින් යුත් අවුරුදු 01 යි මාස 08 ක් වයසැති දැරියකට වකුගඩුවක් බද්ධ කළ බවත් එම සැත්කමේ සාර්ථකත්වය ජත්‍යන්තර ඇගයීමට පවා ලක්වූ බවත් ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය,මහචාර්ය ආසිරි අබේගුණවර්ධන මහතා කීය.

වසර 2004 දී පළමු වකුගඩු බද්ධයට ලක්වූ මින් හාජියාර් දැරියද සියය වන වකුගඩු බද්ධයට ලක්වූ මඩකළපුවේ වී.ධනුක්ෂාන් යන දරුවන් ඇතුළු සියලු දෙනා තම ජීවිත බේරා දුන් වෛද්‍යරුන් අගයමින් ඔවුන්ට තුති පිදීමද මෙහිදී සිදු කළහ.

මෙම අවස්ථාවට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න, විශේෂඥ වෛද්‍යරුන් වන ඔස්වල්ඩ් ප්‍රනාන්දු, තිලක් අබේසේකර, එම්.එල්.එස් බෙලිගස්වත්ත, අර්ජුන අළුවිහාරේ, වසන්ති ප්‍රින්ටෝ, කපිල ගුණවර්ධන, චන්න රත්නතුංග, චූලා ගුණසේකර, ගාමීණී බුත්පිටිය යන මහත්වරුන් අතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();