Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සති අන්තයේ සිරිපා කරුණාවට ලක්ෂ 3ක්

ගතවූ සති අන්තයේ සිරිපා කරුණා කිරීමට හැටන් නල්ලතන්නිය හා රත්නපුර බලබද්දල මාර්ග ඔස්සේ ලක්ෂ තුනක පමණ පිරිසක් පැමිණ තිබෙන බව නල්ලතනිනිය පොලීසිය පවසයි.

මේ හේතුවෙන් නල්ලතන්නියේ ස්ථාපිත කර තිබෙන සියලු රථ ගාල් වාහන වලින් පිරී යෑම නිසා නල්ලතන්නිය සිට මස්කෙළිය මාඋස්සාකැලේ සමන් දේවාලය දක්වා මර්ගයේ කිලෝ මීටර පහක පමණ දුරට වාහන ගාල්කර තිබිණි.

මෙම මාර්ගයේ වාහන ගාල් කිරීමෙන් පසු නල්ලතනින්ය දක්වා අදළ දුර බැතිමතුන්ට පයින් ගමන් කිරීමට සිදු විය. සිරිපා වන්දනාවේ පැමිණෙන තරුණයන් රැගෙන එන සංගීත භාණ්ඩ මාඋස්සාකැලේ පොලිස් මුර පොළේදී මස්කෙළිය පොලීසිය මගින් පොලිස් භාරයට ගෙන ඔවුන් යළි නිවෙස් බලා යනවිට ඒවා ලබා දීමට පියවර ගෙන තිබේ.

සති අන්තයේ සිරිපා වන්දනාවේ පැමිණෙන ජනතාවගේ පහසුව පිණිස හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා දිවා හා රාත්‍රී දෙකේදීම විශේෂ බස් සේවා ක්‍රියාත්මක කිරීමට හැටන් ඩිපෝව කටයුතු යොදා ඇත.

සිරිපා වන්දනා වාරය ක්‍රියාත්මක වීමෙන් පසු ගෙවුණු මාස මාස තුනක පමණ කාලය තුළ මත්ද්‍රව්‍ය රැගෙන සිරිපා වන්දනාවේ පැමිණි පුද්ගලයින් 70 දෙනෙකුට පමණ පොලිසිය හැටන් අධිකරණයේ නඩු පවරා තිබේ. මත්ද්‍රව්‍ය රැගෙන වන්දනාවේ පැමිණෙන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම පිණිස පොලිස් නිල සුනඛයින්ගේද සහය ලබා ගැනීමට පොලීසිය පියවර ගෙන ඇත.

අසේල කුරුළුවංශ - මස්කෙළිය සමූහ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();